gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘ලයිට් කපද්දී රනිල්ට මරණ දඬුවම ලැබෙයි කියා බිය වුනා’ – වජිර අබේවර්ධන

අද (24) පැවති විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභාගී වූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරයෙකු වන වජිර අබේවර්ධන පැවසූවේ පසුගිය 22 වනදා රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයේ පෙනී සිටින අවස්ථාවේ විදුලිය විසන්ධි වීමේ සිද්ධිය වික්‍රමසිංහ මහතාට මරණ දඬුවම ලබාදීමේ තීරණයේ කොටසක් බවට තමා බිය වූ බවයි.

සාමාන්‍යෙන් මරණ දණ්ඩනය ලබාදීමේදී විදුලි පහන් නිවා දමා ඉටිපන්දම් දල්වා විනිසුරුවන් එම තීන්දුව ප්‍රකාශ කරන බවට තමා අසා ඇති බවත් එදින සිදුවන්නේ එවැනි දෙයක්දැයි තමා බිය වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද ඉන්දියාවේ, ජපානයේ මෙන් වෙනසක් අවශ්‍යකරන බවත් නැතහොත් එහි දැක්වන ‘අත්අඩංගුවට ගැනීම වරදක් නොවන්නේය’ යන කොටස දේශපාලන ආයුධයක් ලෙස භාවිත කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka