gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ් කරයි.. පොහොර නැව නොවේ.. වෙන එකක්..

අද (16) උදෑසන අල්ලස් කොමිසමෙන් අත් අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට   කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග විසින් නියෝග කළාය.   
මහවැලි අධිකාරියට අයත්  සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලකට    අරගල සමයේ සිදුකළ අලාභයකට අදාලව වන්දි මුදලක් ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන සිද්ධියකට අදාලව හිටපු රාජ්‍ය ඇමතිවරයා අත් අඩංගුවට ගෙන තිබිණි.
ශෂීන්ද්‍ර රාජපක්ෂ එම දේපොළ සඳහා වන්දි මුදල ලබා ගන්නේ එය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපොළක් බවට හඳුනාගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දීය. එම නිර්දේශයට පටහැනිව හානිපූර්ණය සඳහාවන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර මෙම වන්දි මුදල ලබා ගත් බවට ඔහුට චෝදනා එල්ල විය.

ඒ අනුව  1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහි සිදුකරනු ලබන වැරදි පිළිබඳ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව එලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka