gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාහන මිල යලි ඉහලට!

රේගුව විසින් රඳවාගෙන ඇති වාහන හේතුවෙන් වෙළෙඳපොළේ වාහන සැපයුම අඩුවීමේ දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රුද්‍රිගු මහතා ප්‍රකාශ කළේය.

එම තත්ත්වය වෙළෙඳපොළේ දැනට පවතින වාහනවල මිල ඉහළ යෑමට හේතුවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම ගැටලුව සෘජුවම මෙරට පාරිභෝගිකයන්ට බලපාන බැවින්, ඊට කඩිනමින් ප්‍රායෝගික විසඳුමක් ලබා දෙන ලෙස ඔහු ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියේය.

රේගුවේ රඳවාගෙන සිටින වාහන හේතුවෙන් බොහෝ ආනයනකරුවන් මේ වන විට දැඩි අපහසුතාවට පත්ව සිටින බවද රුද්‍රිගු මහතා පැවසීය. ඇතැම් වාහන සඳහා ණයවර ලිපි ගෙවීම් පවා සම්පූර්ණ කර ඇති බවත්, රඳවාගෙන සිටින කාලය තුළ නැව් ගාස්තු ලෙස විශාල මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම අමතර පිරිවැය වාහනයේ අවසාන ආනයනික පිරිවැයට එකතු වන බවද ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයට අනුව, ඔවුන් විසින් ආනයනය කරන ලද වාහන 500ක් පමණ මේ වන විට රේගුව විසින් රඳවාගෙන ඇති අතර, මැයි 27 වැනිදා සිට මේ දක්වා එම වාහන කිසිවක් නිදහස් කර නොමැත.

මෙම වාහනවල කිසිදු නීතිමය ගැටලුවක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්වයන් දැනුවත් කර ඇති බවත් රුද්‍රිගු මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka