හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ලබා දීම සම්බන්ධයෙන් Starlink හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක් වෙත සිය කෘතඥතාව පළ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, නුදුරේදීම මස්ක් හමුවීමට බලාපොරොත්තු වන බවයි. මෙම හමුවේදී මෙරට ඩිජිටල් ක්ෂේත්‍රය සඳහා ඇති තවත් අවස්ථා ගවේෂණය කිරීමට අපේක්ෂා කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
2024 වසරේ ඉන්දුනීසියාවේ බාලි හි පැවති 10 වන ‘ලෝක ජල සමුළුවට’ සහභාගී වූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා ඊලොන් මස්ක් හමුවීමත් සමඟ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලැබීමේ ක්‍රියාවලිය ආරම්භ විය.
ලොව සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක්, ඔහුගේ ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, Starlink අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවයි.
2024 වසරේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) විසින් Starlink සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා ‘විදුලි සංදේශ සේවා සැපයුම්කරු’ බලපත්‍රයක් නිකුත් කරන ලදී.
Starlink අන්තර්ජාල සේවාව, ශ්‍රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාවට වඩා කිහිප ගුණයකින් වේගවත් බව සඳහන් වේ. මෙය දිවයිනේ අන්තර්ජාල පරිශීලකයින්ට නව සහ වැඩිදියුණු කළ අත්දැකීමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.