මාසිකව සිදු කරන මිල සංශෝධනය අනුව ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගම දැනුම් දීමක් සිදුකර ඇත.
ඒ අනුව මෙම ජුලි මාසයට අදාළව ලාෆ් ගෑස් සිලින්ඩරයක මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් සඳහන් කරයි.
කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 කි.