gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එකම පාසලේ බාලවයස්කාර දැරියන් 3ක් අපයෝජනය කළ 30 හැවිරිදි අනංගයා කොටු වෙයි!

එකම පාසලේ ඉගෙනුම ලබන වයස අවුරුදු 13ක දැරියන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 16ක එක් දැරියක් වරින් වර සිය සුඛෝපභෝගී මෝටර් රථයෙන් නිවසට රැගෙන ගොස් අපයෝජනය කළ බවට චෝදනා එල්ල වූ 30 හැවිරිදි විවාහක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු මොරගහහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම දැරියන් මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සඳහා හොරණ දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ තනතුරක් දරන කාන්තාවක් සමග මීට වසර තුනකට පමණ පෙර විවාහ වී ඇති බවත්, ඇය කොළඹ ප්‍රදේශයේ සේවය කරන අතරතුර සැකකරු සිය නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ රැකියාවේ නිරත වන බවත් පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

මෙම අපරාධය සඳහා යොදාගත් සැකකරුට අයත් සුඛෝපභෝගී මෝටර් රථය සහ සිසුවියන් පොළඹවා ගැනීමට භාවිත කළ ස්මාර්ට් ජංගම දුරකතනයද පොලිස් භාරයට ගෙන තිබේ.

මීට වසරකට පමණ ඉහතදී පාසලට පයින් යමින් සිටි 16 හැවිරිදි දැරියට උපකාර කරන මුවාවෙන් මෝටර් රථයට නංවාගෙන මිතුරු වූ සැකකරු, දිවා කාලයේ නිවසේ කිසිවෙකු නොමැති අවස්ථා තුනකදී ඇයව සිය නිවසට රැගෙන ගොස් ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

එම සෑම අවස්ථාවකදීම පාසල නිමවන වේලාවට ආසන්නව දැරියව නැවත නිවස අසලටම ගෙනැවිත් දමා ඇති බවද පොලීසිය පවසයි.

පසුව, මීට මාස තුනකට පමණ පෙර, මෙම දැරිය හරහා ඇය ඉගෙනුම ලබන පාසලේම අට වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 13 හැවිරිදි සිසුවියක්ද මෙම මෘදුකාංග ඉංජිනේරුවරයාට හඳුන්වා දී ඇති බවට තොරතුරු ලැබී ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ මොරගහහේන ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකට සැකකරු පැමිණ ඇත්තේ මෙම 13 හැවිරිදි දැරිය දැක බලා ගැනීමේ අරමුණින් වුවද, එහිදී ඔවුන් දෙදෙනා අතර කතාබහක් සිදුවී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත්, වට්ස්ඇප් ඔස්සේ අදහස් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා (27) හමුවීමට ඔවුන් තීරණය කර තිබේ. එම හමුව පිළිබඳව සැකකරු සමග සබඳතා පැවැත්වූ 13 හැවිරිදි දැරිය සිය පාසල් මිතුරියට දැනුම් දීමෙන් පසු ඇයද එම ගමනට එක්වීමට කැමැත්ත පළකර ඇත.

පසුදින පාසල් යන බව පවසා නිවෙස්වලින් පිටවූ දැරියන් දෙදෙනා පාසල් නිල ඇඳුමෙන්ම පාසල ආසන්නයට පැමිණ ඇති අතර, එහිදී මෝටර් රථයෙන් පැමිණි සැකකරු, තමා සමග මාස තුනක් පුරා දුරකතනයෙන් සම්බන්ධව සිටි දැරිය ඉදිරිපස අසුනේද, ඇගේ මිතුරිය පසුපස අසුනේද හිඳුවාගෙන පාදුක්කේ පිහිටි සිය නිවසට රැගෙන ගොස් ඇත.

නිවසට ගිය පසු එම දැරියන් දෙදෙනා නිවෙස්වලින් රැගෙන ආ වෙනත් ඇඳුම්වලට මාරු වී ඇති බවත්, එම අවස්ථාවේ නිවසේ වෙනත් කිසිවෙකුත් සිට නොමැති බවත් ඔවුන් ලබාදුන් ප්‍රකාශවලින් හෙළිවී තිබේ.

එහිදී සැකකරු විසින් දැරියන් දෙදෙනා සිය නිවසේ පිහිටි කාර්යාල කාමරයට රැගෙන ගොස් අපයෝජනය සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka