ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තර කළ යුතු බවත් අවශ්‍ය නම් හෙලිකොප්ටර් පවා යෙදවිය යුතු බවත් ඇමති කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළේ නිකරුණේ නොවන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම්, නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර පවසයි.
මේ වන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ බලාපොරොත්තු සුං වී අපේක්ෂා භංගත්වයට පත්ව ඇතැයි බුද්ධි අංශ වාර්තාවක් මගින් ආණ්ඩුව දැනුම්වත් කර ඇති බවත් ඇමති ලාල් කාන්ත අදාළ ප්‍රකාශය කළේ එම වාර්තාව පදනම් කරගෙන බවත් ඔහු අනාවරණය කරයි.
කෙසේ වුව ද ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ ආරක්ෂාව සහ ආරක්ෂක වාහනවලට වඩා වැඩි වාහන ප්‍රමාණයක් වත්මන් ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.
ජනාධිපති ආරක්ෂක අංශය විසිරුවා ගමේ පොලිසිවලට අනුයුක්ත කරන බවට මැතිවරණ වේදිකාවේ හඬ නැඟූ පුද්ගලයා ජනාධිපති වී මාස 10ක් ගතවන විට ආරක්ෂාව මදි බවත් හෙලිකොප්ටර් පවා යෙදවිය යුතු බවත් කියා කෑ ගැසීම දෛවයේ සරදමක් බව ද සුගීෂ්වර බණ්ඩාර සඳහන් කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.