ලෝකයේ පළමු වතාවට ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා එරට රජය විසින් පනවන සමාජ මාධ්‍ය තහනමට Youtube ඇතුළත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම තහනම යටතේ නව යොවුන් වියේ පසුවන්නන්ට තවමත් YouTube වීඩියෝ නැරඹීමට හැකි ඇති අතර YouTube වීඩියෝ උඩුගත කිරීමට හෝ වේදිකාවේ අන්තර් ක්‍රියා කිරීමට අවශ්‍ය වන ගිණුමක් තබාගැනීමට අවසර නොලැබේ.
ඔස්ට්‍රේලියානු රජය විසින් මීට පෙරද සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක් සඳහා ලබාදී තිබූ නිදහස් කිරීම ඉවත් කිරීමෙන් පසුව මෙම තීරණ ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව TikTok, Instagram, Facebook, X සහ Snapchat සීමා කෙරෙන අතර එළඹෙන දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.