gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාරවිල කාන්තාව ඝාතනයට දෙකක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ආරවුලක් මත මාරවිල මරඳ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක සිටි කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් දෙදෙනකු ඊයේ (30) අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බංගදෙණිය සහ පල්ලම ප්‍ර දේශවල පදිංචි අවුරුදු 26 හා 33 වයස්වල පසුවන දෙදෙනෙකි.

එම කාන්තාවට වෙඩි තැබීම සදහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය මාදම්පේ ඉරට්ටකුලම ප්‍ර දේශයේ වැසිකිළිවලක දමා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් ඉකුත් 22 දා එම කාන්තාවට වෙඩි තබා ඝාතනය කර තිබූ අතර එහිදී වසන්ත චතුරානි නැමැති (30) කාන්තාවක් මියගොස් ඇයගේ දරුවාට ද තුවාල සිදුවී තිබූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(ගයාන් සූරියආරච්චි)
-lankadeepa
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka