gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාහනවල සැරසිලි හා සියලුම අමතර කොටස් ජූලි 01 සිට ගලවයි!

පෞද්ගලික බස්රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් මෝටර් රථවල සවිකර ඇති සියලුම අමතර කොටස් ජූලි (01) වැනිදා ඉවත් කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කරයි.

දෛනිකව මෙරට මාර්ග පද්ධතිය තුළ රථවාහන ලක්ෂ 60කට අධික සංඛ්‍යාවක් ධාවනය කරන බවත් ඒ අතරින් කොළඹ නගරයට පමණක් දෛනිකව ඇතුළු වන රථවාහන සංඛ්‍යාව ලක්ෂ 5කට අධික බවත් රිය අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ මගින් සිදුවන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

2024 වසර තුළ මෙරට සිදු වූ මාරක රිය අනතුරු 2401කින් පුද්ගලයින් 2521ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 2025 වසරේ ජනවාරි (01) සිට පසුගිය ජූනි (15) වැනිදා දක්වා වූ කාල සීමාව තුළ පමණක් මාරක රිය අනතුරු 1133ක් සිදුව ඇති අතර ඉන් දෙදහසකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන් කරයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ,

“මේ වාහන වල තියෙන අමතර කොටස් සවි කිරීම, ඉෂ්ට රූප, නිවි නිවි පත්තුවෙන බල්බ්, අධික ශබ්ද සහිත නලා, යකඩ පට්ට් වැනි දෑ නිසා අනතුරකට පත් වුණාම ඒ අනතුරේ පදිකයාට, මගියාට වන හානිය බරපතලයි. මොන ප්‍රශ්න ගැටලුව ආවත් ජුලි පළමුවැනිදා ඉදන් මේ සියල්ලම ඉවත් කරනවා.”

රිය අනතුරු සහ මාර්ග ආරක්ෂාව පිළිබඳව කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka