gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චාමර සම්පත්ට මහජන සම්පතත් ඇදෙයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් (19) පාර්ලිමේන්තුව තුළදී ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ ජාතික ජනබලවේගය ආණ්ඩුව විසින් ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා පත්කර සිටින ඇන්ටන් පෙරේරා එවකට රාජ්‍ය නිලධාරියකුව සිටිමින් වැටුප් තුනක් ලබාගත් අයෙකු බවයි.

එසේම ඔහු අද ජාතික ජනබලවේගය ආණ්ඩුව යටතේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස පත්ව ලොතරැයි දිනුම් ඇදීමේ අවස්ථාවේ ඊට සහභාගී වීම වෙනුවන් ගෙවූ රුපියල් 7000ක පමණ මුදල රුපියල් 25000ක් පමණ දක්වා වැඩිකර ගනිමින්, අහිංසක දරුවන්ට මහපොළ ශිෂ්‍යාධාර සඳහා යැවිය යුතු මුදල් තම සාක්කුවේ දමා ගනිමින් සිටින බවද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අද (20) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජාතික ලොතැරැයි මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිළධාරීන් එම චෝදනාවන්ට ප්‍රතිචාර දැක්වීය.

එහිදී කරුණු සහිතව එම චෝදනාවන්ට පිළිතුරු දැක්වූ නිළධාරීන් පවසා සිටියේ මන්ත්‍රීවරයා විසින් සිදුකළ එම සියළුම ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි.

කිසිදු තොරතුරු සොයාබැලීමකින් තොරව ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙන්ම නිළධාරීන්ගේ කීර්තිනාමයට හානි කිරීම පිළිබඳව කණගාටුව පලකළ එම පිරිස වැඩිදුරටත් පැවසූවේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී සිදුකරන මෙවැනි පුද්ගලික පළිගැනීම් නින්දා සහගත බවයි.

එමෙන්ම මෙම ප්‍රකාශය සඳහා නීතිමය පියවර ගැනීමට සූදානම් බවත්, හැකිනම් අදාල ප්‍රකාශය පාර්ලිමේන්ත්වෙන් පිටතදී එක් වතාවක් හෝ නැවත සිදුකරනා ලෙසද එම නිළධාරීන් විසින් මන්ත්‍රීවරයාට අභියෝග කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka