gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ තුන්දෙනෙක් බංග්ලාදේශයට ගෙන්නගෙන කප්පම් ගන්න පැහැරගෙන!

කප්පම් ගැනීම සඳහා බංග්ලාදේශයේදී පැහැරගෙන ගිය කාන්තාවක් ඇතුළු ශ්‍රී ලාංකිකයන් තිදෙනකු පොලිසිය විසින් මුදාගෙන තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ හමුවූ මිතුරකුගේ ආරාධනයකට අනුව මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා බංග්ලාදේශයට ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

සංචාරය සඳහා එම පුද්ගලයන්ට ආරාධනා පත්‍රය යොමුකළ පුද්ගලයා ඇතුළු පුද්ගලයන් තිදෙනකු පැහැරගැනීම සම්බන්ධයෙන් එරට පොලිසිය විසින් රඳවාගෙන ඇති බව බංගලාදේශ නියෝජ්‍ය පොලිස්පති මොහොමඩ් රෙසාවුල් හක් ජනමාධ්‍ය වෙත පවසා තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන සිටින කාසි එම්ඩාඩ් හොසේන්, ෂහිදුල් ෂෙයික්, ජොනී ෂෙයික් සහ එස් එම් ෂම්සුල් අලාම් යන බංග්ලාදේශ ජාතිකයන් සිව්දෙනා විසින් පැහැරගනු ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන් අමතා කප්පම් ඉල්ලා ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවීමෙන් අනතුරුව බංග්ලාදේශ නිලධාරීන් විසින් එරට දකුණු අම්බාරි ගම්මානයේ කාසි එම්ඩාඩ් නමැත්තාගේ නිවසේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනා සොයාගෙන තිබේ.

මේ අතර බංග්ලාදේශය තුළ පවතින සිවිල් නොසන්සුන්තා, අපරාධ සහ ත්‍රස්තවාදය උපුටා දක්වමින් බංග්ලාදේශයට සිදුකරන සංචාර පිළිබඳ යළි සළකා බලන ලෙස අමෙරිකාව යළිත් සිය පුරවැසියන්ට සංචාරක උපදෙස් නිකුත් කර තිබේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ, බංග්ලාදේශයේ ත්‍රස්තවාදී ප්‍රහාර සහ වෙනත් ක්‍රියාකාරකම් ඇතුළු ත්‍රස්ත ප්‍රචණ්ඩත්වයේ අවදානමක් ද පවතින බවයි.

මීට පෙර බ්‍රිතාන්‍ය ද බංග්ලාදේශය සඳහා සිය සංචාරක උපදේශන යාවත්කාලීන කරන ලද අතර, චිතගොං කඳුකර ප්‍රදේශ වැනි ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සංචාර හැර අනෙක් සියල්ලට එරෙහිව එහි පුරවැසියන්ට උපදෙස් නිකුත් කර ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka