පසුගිය පෙබරවාරි 18 දා අනුර විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා ඔහුගේ දරු දෙදෙනා සමග මිද්දෙණියේදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ඝාතකයා රැගෙන පැමිණි පැදිකරු ඊයේ (25) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කුලසිං ලියනගේ පේමාල් ඉන්දික නම් වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකාර අපරාධකරු ඝාතනයෙන් පසු ඉන්දියාවට පැන ගොස් තිබිණි. මේ පුද්ගලයා ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කළේය. පිටුවහල් කළ සැකකරුවා යළි දිවයිනට පැමිණිමේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මේ ආකාරයෙන් අත් අඩංගුවට ගෙන තිබුණේය.