gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහජන සම්පත කොටු කපයි... අහුවුණොත් උපරිම දඬුවම්... විශේෂ නිවේදනයක්!

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

නීති විරෝධී ලෙස කොටු කැපීම නමැති සූදුවක් රටේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බවත් නීති විරෝධී ලෙස මුදල් එකතු කෙරෙන මෙම ක්‍රියාමාර්ගයේ හවුල්කරුවෙකු නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ලොතරැයි මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව මහජන සම්පත ලොතරැයි දිනුමේ ජයග්‍රාහී අංක අනුමාන කරමින් එහි අංක රටාවේ අවසාන අංක දෙක උපයෝගී කරගෙන විවිධ පුද්ගලයින් නීති විරෝධී ලෙස කොටු කැපීම නමැති මෙම සූදුව ක්‍රියාත්මක කරන බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය සදහන් කරයි.

රටේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙමින් පවතින මෙම නීති විරෝධී සූදුවට මේ වනවිට මහජනතාව සැලකිය යුතු පිරිසක් සම්බන්ධ වී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් ලොතරැයි මණ්ඩලය සිදු කරන වැටලීම් වලින් අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දඬුවම් පනවා ඇති බවද සදහන් කරයි.

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දැනට හඳුනාගෙන ඇති එවැනි නීති විරෝධී ලොතරැයි සූදු පොලවල් පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීම පිණිස අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැන්වීමට පියවර ගෙන ඇති බවද ජාතික ලොතරැයි මණ්ඩලය සදහන් කරයි.

කොටු කැපීමේ සූදුවේ නිරත පුද්ගලයින්ගේ එකම ඉලක්කය නීති විරෝධී ලෙස මහජන මුදල් එකතු කිරීම බැවින් මෙහි හවුල්කරුවෙකු නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජාතික ලොතරැයි මණ්ඩලය සදහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka