gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුදුසුකම් නැති පාසල් විදුහල්පතිවරු 159ක්!

දිවයින පුරා පිහිටි ජාතික පාසල් අතරින් පාසල් 159ක සුදුසුකම් සහිත විදුහල්පතිවරුන් නොමැති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සදහන් කරයි.

මෙම විදුහල්පති තනතුරේ වගකීම් හා රාජකාරි කිරීමට ඇති අකැමැත්ත හේතුවෙන් සුදුසුකම් සහිත නිලධාරීන් විදුහල්පති තනතුර සඳහා අයදුම් කිරීමට මැලිකමක් දක්වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් ⁣මෙම ගැටලුවට පිළියමක් ලෙස පළමු ශ්‍රේණියේ විදුහල්පති තනතුරු වලට අයැදුම්පත් කැඳවීමේදී දෙවැනි ශ්‍රේණියේ විදුහල්පති තනතුරු වලට සුදුසුකම් සැපිරූ අපේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට අවධානය යොමු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka