gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉශාරා සෙව්වන්දි සොයා අනුරාධපුර හෝටලයක් පීරයි

ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉශාරා සෙව්වන්දි නැමැති කාන්තාව, අනුරාධපුර නගරයේ හෝටලයක නවාතැන් ගෙන සිටින බවට ලද තොරතුරකට අනුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පෙරේදා (31) අදාළ හෝටලයේ වැටලීමකින් සිදුකර ඇත.

අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේ පිහිටි අදාල හෝටලයේ ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව සිටින බවට බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීමට සම්බන්ධ වී තිබේ.

කෙසේවෙතත් එම වැටලීමේදී ඇගේ රුවට බෙහෙවින් සමාන කාන්තාවක් සහ හිටපු හමුදා මේජර් වරයෙකු ලක්ෂ 35කට ආසන්න අයිස්, කුෂ් හා කේරල ගංජා තොගයක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කුරුණෑගල, උඩවල පාරේ පදිංචි 53 හැවිරිදි හිටපු හමුදා මේජර් වරයෙකු සහ 33 හැවිරිදි කාන්තාවකි.

එම වැටලීම සඳහා පොලිස් නිල සුනඛ අංශයේද සහාය ලබා ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව සහ හිටපු මේජර් වරයා අනියම් සබඳතාවයක් පවත්වා ගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට අනාවරණය කරගත් බවත් සැකකාර හිටපු මේජර්වරයා මත්ද්‍රව්‍ය චෝදනා වලට කීප වතාවක් අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත් අයකු බවද පොලිසිය සඳහන් කලේය.

මීට දින හතරකට පමණ පෙර අදාල හෝටලයට පැමිණි නවාතැන් ගෙන ඇති සැකකාර යුවල අත්අඩංගුවට ගෙන සිදු කල පරීක්ෂා කිරීම් වලදී, අයිස්, කුෂ් කේරල ගංජා මත්ද්‍රව්‍ය වලට අමතරව සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්, රන් ආභරණ, ජංගම දුරකථන තොගයක්, පවර් බැන්ක් 5ක්, විවිධ යතුරු කිහිපයක්, ගට්ටේප්, ගම්බෝතල් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගත් බව පොලිසිය සඳහන් කලේය.

අත්අඩංගුවට ගත් සැකකාර යුවළ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka