gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සියලුම මත්පැන් බෝතල් සහ කෑන්වල නිෂ්පාදිත දිනය අද සිට අනිවාර්ය කරයි

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙන සියලුම සැර මත්පැන් හා මෘදු මත්පැන් (බෝතල් හා කෑන්වල) නිෂ්පාදිත දිනය ඇතුළත් කිරීම අද (01දා) සිට අනිවාර්ය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. දැනටමත් ආයතන කිහිපයක් මෙය සිදුකරයි.

ඒ අනුව අද සිට සියලුම මත්පැන් නිෂ්පාදකයන් විසින් මත්පැන් බෝතල් සහ කෑන්වල නිෂ්පාදිත දිනය බෝතලයේ මූඩියට පහළින් හා අලවන ලද ලේබලයට ඉහළින් මුද්‍රණය කළ යුතුවේ.

මේ අනුව අද සිට මත්පැන් අලෙවිසල් සහ ආපනශාලාවට මිලදී ගන්නා සියලුම මත්පැන් බෝතල් සහ කෑන්වල නිෂ්පාදිත දිනය මුද්‍රණය කර තිබීම අනිවාර්ය වේ. මේ වනවිට ඒවායේ තිබෙන සහ 2025/03/31 දක්වා මිලදී ගන්නා නිෂ්පාදිත දිනය නොමැති මත්පැන් තොග සහිත විස්තර 2025/04/03 දිනට පෙර නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (ආදායම්) වෙත පිටපතක් සහිතව ප්‍රදේශයේ සුරාබදු අධිකාරිවරයා වෙත භාර දියයුතු බවද චක්‍රලේඛයක් මගින් මත්පැන් බලපත්‍රධාරීන්ට දැනුම් දී ඇත.

නිෂ්පාදිත දිනය රහිත මත්පැන් තොග පිළිබඳ සතිපතා ඉහත පරිදි දැනුම් දියයුතු බවත්, එම තොග අවසන් වූ වහාම ඒ බව දැනුම් දියයුතු බවත් එම චක්‍රලේඛයෙන් වැඩිදුරටත් දන්වා තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka