gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ත්‍රිරෝදය එප්පාවල රෝහල ඉදිරිපිට දමා බසයකින් කටුනායකට ඇවිල්ලා... ගමක් කම්පා කරවමින් විහාර භූමිය තුළ සිදු වූ අහස පොළොව නුහුලන අපරාධයේ සුල මුල හෙළිවෙයි

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ හුදකලා විහාරස්ථානයක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් එම විහාරස්ථානය තුළදීම ඝාතනය කළ බවට එම විහාරස්ථානයේ හිමිනමට අයත් ත්‍රිරෝද රථය පැද වූ තරුණයකු සැකපිට එප්පාවල පොලිසිය මගින් අත්අඩංගුව ගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් හා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි.

ඔහු මීට දින කීපයකට ඉහතදී ඝාතනයට ලක් වූ හිමි නමගේ ත්‍රිරෝද රථයේ රියැදුරු ලෙස සේවයට පැමිණ පසුගිය දිනක පස්වරුවේ හිමිනම සමග බහින්බස්වීමක් ඇති වී පොල්ලකින් උන්වහන්සේට පහරදී උන්වහන්සේගේ ජංගම දුරකථන දෙකද රැගෙන තමන් විහාරස්ථානයේ ත්‍රිරෝද රථයෙන් එප්පාවල දෙසට පැමිණි බවත්, එසේ පැමිණෙමින් සිටියදී ත්‍රිරෝද රථයේ දෝෂයක් ඇතිවීම හේතුවෙන් ත්‍රිරෝදය එප්පාවල රෝහල ඉදිරිපිට දමා වෙනත් ත්‍රිරෝද රථයකින් එප්පාවල නගරයට ගොස් තවත් ත්‍රිරෝද රථයක නැඟී අනුරාධපුරයට ගොස් බස් රථයකින් කටුනායක දක්වා ගමන් කර ඇතැයි පොලිසිය පවසයි.

ඔහු සතුව ස්වාමීන්වහන්සේගේ දුරකථනයක් පැවතීම හේතුවෙන් එම දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව සැකකරු සිටින ස්ථානය හඳුනාගෙන ඔහු කටුනායක ප්‍රදේශයේදී අත්අඩගුවට ගැනීමට එප්පාවල පොලිසිය සමත්ව ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අදාළ ඝාතනය සිදුවූ විහාරස්ථානය වෙත සැකකරු රැගෙන ආ අතර, ඔහු හිමිනම ඝාතනය සඳහා යොදාගත් පොල්ලද පොලිසියට පෙන්වනු ලැබීය.

අනතුරුව ඔහු ත්‍රිරෝද රථයෙන් යමින් සිටියදී පලුගස්වැව ප්‍රදේශයේදී ස්වාමීන් වහන්සේගේ දුරකථනයක්, ඒ.ටී.එම්. කාඩ්පත් කීපයක් ඇතුළු ලිපි ලේඛන කීපයක් විසිකර දැමූ ස්ථානයක්ද පොලිසිය විසින් පරීක්ෂා කර එම ස්ථානයේ තිබී ස්වාමීන් වහන්සේගේ ජංගම දුරකථනය, බැංකු කාඩ්පත් හා ලිපි ලේඛන කීපය සොයාගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක් වූයේ එප්පාවල කිරලෝගම රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩ විසූ පූජ්‍ය විලච්චියේ ප්‍රේමරතන නම් හැටනව හැවිරිදි ස්වාමීන් වහන්සේ නමකි.

ස්වාමීන් වහන්සේගේ හිසෙහි හා මුහුණෙහි බරපතළ කැපුම් තුවාල පැවැති අතර, ලිංගේන්ද්‍රියද කපාදමා ඇතැයි පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ හිමිනම මෙම විහාරස්ථානයේ තනිව වැඩ වාසය කළ බවත්, ගම්මානයේ ජනතාව සමග ඇසුරක් නොමැති බවත් ප්‍රදේශවාසීහු පවසති.

මීට වසර 10 කට පමණ ඉහතදී මෙම ප්‍රදේශයට පැමිණ කුඩාවට විහාරස්ථානයක් ආරම්භ කර එය ධානපතීන්ගේ ආධාර උපකාර මැද සංවර්ධනය කරගෙන සිට ඇත.

එදින පස්වරුවේ වෙනත් විහාරස්ථානයක ස්වාමීන්වහන්සේ නමක් මෙම අසපුවට පැමිණි අවස්ථාවේදී විහාරාධිපති හිමියන් සංඝාවාසය ඉදිරිපිට පුටුවක් මත මියගොස් සිටිනු දැක ඒ පිළිබඳ ගම්වාසීන් හරහා ග්‍රාමසේවක මහතා දැනුම්වත් කර එප්පාවල පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව උන්වහන්සේගේ දේහය එදින පස්වරුවේ සොයාගත් බව එප්පාවල පොලිසිය පවසයි.

ඒ අනුව එප්පාවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඝාතනය වූ බවට විහාරාධිපති හිමියන්ගේ හැඳුනුම්පත ඇතුළු වටිනා ලිපි ලේඛන කීපයක්ද විහාරස්ථානයට කිලෝමීටර 02 ක් පමණ දුරින් පිහිටි තලාව, එප්පාවල ප්‍රධාන මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේ මාර්ගය අසල කාණුවකට විසිකර දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

ස්වාමීන්වහන්සේට අයත් විහාරස්ථානයේ තිබූ ත්‍රිරෝද රථයද එප්පාවල නගරයේ තිබී සොයාගත් අතර සිද්ධිය වූ ස්ථානයේ තිබී පාවහන් යුගළ 03 ක්, වක් පිහියක් පොලිසිය වැඩිදුර විමර්ශන සඳහා රැගෙන යනු ලැබීය.

එප්පාවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇත.
දිවයින
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka