මියන්මාරයේ පසුගිය සිකුරාදා ඇති වූ දැවැන්ත භූමිකම්පාවෙන් මියගිය ගණන 1,644 දක්වා ඉහළ ගොස් ඇති බව ඊයේ පෙරවරුවේ මියන්මාර මාධ්‍ය වාර්තා කළේය.
මේ වනවිට පුද්ගලයින් 3,408 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වන බව එරට පාලක ජුන්ටාව ඊයේ ප්‍රකාශ කළ අතර තවදුරටත් විනාශ වුණු ගොනැගිලි සුන්බුන් අතර සිරවී ඇති බව සදහන් වේ. මෙම පුද්ගලයන් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර එම මුදා ගැනීමේ මෙහෙයුම් දැඩි දුෂ්කර ප්‍රයත්නයක් වී ඇති බවද සඳහන් වේ.
සිකුරාදා මධ්‍යම මියන්මාරයේ සාගිං නගරයට වයඹ දෙසින් ඇති වූ රිච්ටර් මාපකයේ ඒකක 7.7 ක නොගැඹුරු මුහුදේ භූමිකම්පාවෙන් මියන්මාරයේ විශාල ප්දේරශයකට මෙන්ම තායිලන්තයේ බැංකාක් අගනුවරටද දැවැන්ත විනාශයක් සිදුවිය. අසල්වැසි තායිලන්තයේ, බැංකොක්හි කඩා වැටුණු අලුතින් සාදන මහල් 30කින් යුතු ගොඩනැගිල්ලක සිරවී සිටින කම්කරුවන් පිටතට ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.
බැංකොක් මෙට්‍රොපොලිටන් අධිකාරිය පැවසුවේ මෙම භූ කම්පනයෙන් 17 දෙනකු මියගොස් ඇති බව මෙතෙක් තහවුරු වී ඇති බවයි. එමෙන්ම එරට 32 දෙනෙකු තුවාල ලබා ඇති අතර 83 දෙනෙකු තවමත් අතුරුදන්ය. එයින් බහුතරයක් කඩා වැටුනු ගොඩනැගිල්ල තුළ සිර වී සිටින අය බව සඳහන් වේ.
මියන්මාරයේ ක්‍රියාත්මක වන මානුෂීය මෙහෙයුම්වලට ප්‍රධාන බාධයක් වී ඇත්තේ එරට හානි වූ මාර්ග සහ යටිතල පහසුකම්ය. එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) සෙනසුරාදා පැවසුවේ මේ ඓහ්තුවෙන් ඇතැම් විපත් ප්‍රෙද්ශවලට සහන කණ්ඩායම්වලට ළඟා වීමේ දුෂකරතා පවතින බවයි. විශේෂයෙන් ප්‍රධාන පාලම් සහ මාර්ග ඇතුළු තීරණාත්මක යටිතල පහසුකම්වලට දැඩි ලෙස හානි සිදු වූ අතර යැංගුන්-නේ පියි ටෝ-මැන්ඩලේ අධිවේගී මාර්ගයට හානි වීම නිසා සේවා බාධා ඇති ව තිබේ.
මෙම අධිවේගී මාර්ගයේ ඉරිතැලීම් සහ මතුපිට විකෘති කිරීම් හේතුවෙන් අධිවේගී මාර්ග බස් රථ මෙහෙයුම් නතර කිරීමට සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම කාර්යාලය පවසයි.