පසුගිය දිනෙක සන්ධ්‍යාවේ හමා ගිය සුළඟක් හේතුවෙන් මහා ඉංගිරිය අවට ප්‍රදේශ සඳහා විදුලිය විසන්ධි වී ඇති අතර, නැවත යථා තත්ත්වයට පත් කිරිමට තවමත් නොහැකි වී ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරනවා.
රයිගම් වත්ත ප්‍රදේශය ආශ්‍රිතව හමා ගිය දැඩි සුළඟත් සමග ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් අධිබලැති විදුලි රැහැන් කණු තුනක් බිඳවැටීම ඇති අතර, දින හතරක් තිස්සේ විදුලිය විසන්ධි වී ඇති බවත්, විදුලිබල මණ්ඩල සේවකයින් දින හතරක් තිස්සේ විදුලි කණු තුන සිටවමින් සිටින බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරනු ලබන්නේ.
එම බිඳවැටීම හේතුවෙන් ඉංගිරිය කොළඹ පාර හදපාන්ගොඩ දෙසට සහ මහා ඉංගිරිය, රයිගම් වත්ත, මැරේකන්ද, කුට්ටියාවත්ත, රයිගම් ජනපදය, ඉමගිර, රඹුක්කනගම ඇතුළු ප්‍රදේශ රැසකට මේ දක්වා විදුලිය නොමැති බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අපොස සා.පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට නිවාස තුළ මෙම දින හතර තිස්සේ අධ්‍යයන කටයුතුවල නිරතවීම පවා දුෂ්කර වී ඇති අතර, ස්වයං රැකියාවල නිරත විශාල පිරිසකට මෙම දින හතර තුළ තම රැකියාව කර ගැනීමටද නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා.
එමෙන්ම අලුත් අවුරුදු සමය ආසන්න වීම නිසා විශාල බඩු තොග විකිණීම සඳහා වෙළඳසැල් වෙත ගෙනවිත් ඇති බවත්, විදුලිය ඇනහිටීමෙන් ශීතකළ ආහාර ද්‍රව්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකටද පත්ව ඇතැයි ව්‍යාපාරිකයින් චෝදනා කරනවා.