1987 වසරේදී ඉන්දීය හමුදාවේ ප්‍රහාරයකින් මියගිය යාපනයේ මවකගේ හා පුතකුගේ මළ සිරුරු දෙකක් වසර 38 කට පසුව ආගමික වතාවත් පවත්වා 24 දා ආදාහනය කොට තිබේ.
බිරිය හා දරුවා මියගිය පසුව සැමියාට ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු දෙක නිවස මැද වළක් හාරා එම ස්ථානයේම මිහිදන් කිරීම හැර වෙනත් යමක් කිරීමට යුදමය පරිසරය තුළදී අවස්ථාව ලැබී නොමැත.
ඔහු එසේ කොට ඒ අවස්ථාවේදීම මුලින්ම ඉන්දියාවට පලාගොස් පසුව යුරෝපා රටකට ඇතුලු වී එරට දේශපලන රැකවරණ පතා තිබේ.
ඔහු මීට මාස කීපයකට පෙර යාපනයට පැමිණීමෙන් පසුව යාපනය අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට සිය බිරියගේ හා දරුවාගේ මළ සිරුරු ගොඩ ගෙන යළි ආදාහනය කිරීමට අවසර ඉල්ලා ඇත.
අධිකරණ නියෝගය මත පොලීසිය මෙම සිද්ධිය පිළිබඳව සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම දේහයන් දෙක යළි ගොඩ ගෙන ආදාහනය කිරීමට අවසර ලබා දී තිබේ.
මෙහිදී සැමියා ප්‍රකාශ කොට ඇත්තේ සිය බිරිය හා දරුවා මියගිය පසුව තමන්ට එසේ කිරීම හැර වෙනත් යමක් කිරීමට අවස්ථවක් නොවූ බවයි.
නමුත් මේ දෙදෙනා සිය නිවස මැදම මිහිදන් කිරීමට සිදුවීම තමන්ට දරා ගැනීමට නොහැකි වේදනාවක් වූ නිසාත් ඥාතීන්ට ආගමික වතාවත් පවත්වා අවමංගල්ලය සිදු කිරීමට අවශ්‍ය වූ නිසාත් තමන් ඊට අධිකරණයේ පිහිට පතා සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු කළ බව ඔහු ප්‍රකාශ කොට තිබේ.