gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එප්පාවල විහ‍ාරස්ථානයක නායක හිමි නම විහාරස්ථානය තුළදීම ඝාතනය කරලා… දින ගණනකට පසු නරක් වූ සිරුර හමු වෙයි!

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසු ස්වාමීන් වහන්සේ නමක් එම විහාරස්ථානය තුළදිම ඝාතනය කර තිබියදී උන් වහන්සේගේ දේහය ඊයේ (25) පස්වරුවේ සොයා ගත් බව එප්පාවල පොලිසිය සඳහන් කරයි.

උන් වහන්සේගේ දේහය නරක් වී තිබීම හේතුවෙන් මෙම ඝාතනය මීට දින කීපයකට පෙර සිදු වන්නට ඇතැයි පොලිසිය සැක පල කරයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එප්පාවල කිරලෝගම රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩ විසු පූජ්‍ය විලච්චියේ ප්‍රේමරත්න හිමිය.

උන් වහන්සේ මෙම විහාරස්ථානයේ තනිව වැඩ වාසය  කරන බවත් ගම්මානයේ ජනතාව සමඟ ඇසුරක් නොමැති බවත් ප්‍රදේශවාසිහු පවසති.

අද පස්වරුවේ වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් මෙම අසපුවට පැමිණි අවස්ථාවේදි විහාරාධිපති හිමියන් සංඝාවාසය ඉදිරිපිට පුටුවක් මත මිය ගොස් සිටිනු දැක ඒ පිලිබඳව ගම්වාසීන් හරහා ග්‍රාමසේවක   දැනුවත් කර එප්පාවල පොලීසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව පොලීසිය පරික්ෂණ ආරම්භ කර ඇති අතර ඝාතනය වූ බවට සැක කරන විහාරාධිපති හිමියන්ගේ හැදුනුම්පත ඇතුලු වටිනා ලිපි ලේඛණ කීපයක්ද විහාරස්ථානයට කිලෝමීටර 2ක් පමණ දුරින් පිහිටා තලාව එප්පාවල ප්‍රධාන මාර්ගයේ  පලුගස්වැව ප්‍රදේශයේ මාර්ගය අසල විසිකර දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

ස්වාමීන් වහන්සේට අයත් විහාරස්ථානයේ තිබූ ත්‍රී රෝද රථයද මේ වන විට අස්ථානගතව  ඇතැයි පොලීසිය පවසයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka