gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාවික හමුදාව විශේෂිත කිමිදුම් මෙහෙයුමකින් කොළඹ මුහුදු පත්ලේ සැඟවුන අපූරු නාවික ඉතිහාසයක් මතුකර ගනී!

කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුහුදුබත් වී ඇති ඓතිහාසික වශයෙන් වැදගත් නෞකා සුන්බුන් ආවරණය වන පරිදි ගවේෂණාත්මක කිමිදුම් මෙහෙයුමකින් විචිත්‍ර ඉතිහාසයක් අනාවරණය කර ගැනීමට  නාවික හමුදාවට හැකි වී  තිබේ.

2025 මාර්තු මස 10 වැනි දින සිට 17 වැනි දින දක්වා මෙම මෙහෙයුම් කටයුතු සිදුකර ඇත.

ඒ අනුව, කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදේ මුහුදුබත් වී ඇති Coal Wreck, Chief Dragon Car Carrier, MV Astoria, MT Nilgiri, Thermopylae Sierra, MV Pecheur Breton, Taprobane East Wreck, SS Worcestershire, Toilet Barge, SS Perseus සහ තවත් හඳුනා නොගත් මුහුදුබත් නෞකාවක සුන්බුන් මේ වනවිට පිහිටා ඇති ආකාරය සම්බන්ධයෙන් මෙම ගවේෂණාත්මක කිමිදුම් මෙහෙයුම මගින් ආවරණය කරගෙන ඇත.

මෙම ගවේෂණාත්මක කිමිදුම් මෙහෙයුමේදී සමීක්‍ෂණය කරන ලද නෞකා සුන්බුන් සියල්ල ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ පරිසර විද්‍යාත්මක වටිනාකමක් සහිත නෞකා සුන්බුන්ය.

ඉන් SS Worcestershire සහ SS Perseus යන නෞකා පළමු ලෝක සංග්‍රාමයේදී මුහුදුබත්වී ඇත. Chief Dragon Car Carrier සහ Thermopylae Sierra නෞකා සුන්බුන් මේ වන විට කෘත්‍රිම කොරල්පර බවට පරිවර්ථනය වී මත්ස්‍යය අභිජනන අඩවියක් සහ සමුද්‍රීය ජීවීන් සඳහා ආරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කර ඇති බව මෙම කිමිදුම් මෙහෙයුමේ දී අනාවරණය කරගෙන තිබේ.

කිමිදුම් නිලධාරීන් දහ හතර දෙනෙකු (14) සහ කිමිදුම් නාවිකයින් පහලොස් දෙනෙකු (15) සහභාගී වූ මෙම කිමිදුම් මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුර සහ දිය යට රැඳී සිටි කාලය සැළකිල්ලට ගනිමින්, කිමිදුම්කරුවන් වායුගෝලීය වාතය සහ නයිට්‍රොක්ස් වායු මිශ්‍රණය (Atmospheric air and Nitrox air mix) ආරක්‍ෂාව සහ කාර්යක්‍ෂමතාවය ඉහල නැංවීම් වෙනුවෙන් භාවිතා කෙරිණි.

තවද, ‍නාවික හමුදාව මඟින් සංවිධානය කෙරෙන මෙවැනි ගවේෂණාත්මක කිමිදුම් මෙහෙයුම් මඟින් නාවික හමුදා කිමිදුම් අංශයේ වෘත්තීය භාවය වැඩිදියුණු කිරීමත්, ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ පරිසර විද්‍යාත්මක වටිනාකමක් සහිත නෞකා සුන්බුන් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීමත් සහ ඒ තුළින් කිමිදුම් සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමත් අපේක්‍ෂා කෙරේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka