gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රියන්තගේ ඝාතකයන් හයක් එල්ලා මරයි - හතක් දිවි ඇති තෙක් හිරේ!

76 දෙනකුට දෙවසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාකිස්තානු ඇගලුම් කම්හලක කළමාණාකාරවරයකු වශයෙන් සේවය කරමින් සිටි ශ්‍රී ලංකිකයකු වන ප්‍රියන්ත කුමාර මහතා මිලේච්ඡ ආකාරයෙන් මහමඟ ඇඳගෙන ගොස් පහරදී ගිනි තබා මරාදැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පාකිස්තානු ජාතිකයින් 06 දෙනකුට මරණ දඬුවම් නියම කළ පාකිස්තානයේ ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය එම චෝදනාවන්ටම වරදකරුවන් වු තවත් පාකිස්තානු ජාතිකයින් 07 දෙනකුට ජිවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිනි.

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ බවට නඩු විභාගයේදී අනාවරණය වු තවත් පාකිස්තානු ජාතිකයින් 76 දෙනකුට දෙවසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය නියම කෙරිනි”

විත්තිකරුවන් 89 දෙනාට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිනිල්ල විසින් ඔප්පු කොට ඇති බව තීරණය කරමින් ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කෙරිනි.

2021 වසරේ දෙසැම්බර් මාසයේදී පාකිස්තානයේ සියල්කෝට් නුවරදී එහි ඇගලුම් කම්හලක කළමාණාකාරවරයකු වශයෙන් සේවය කරමින් සිටි ප්‍රියන්ත කුමාර මහතාට ඉස්ලාම් ආගමට අපහාස කරන ලදැයි කියමින් පහරදී මහමඟ ඇඳගෙන ගොස් ගිනි තබා මරාදැමීමේ චෝදනා යටතේ පාකිස්තානු ජාතිකයින් 900 කට එරෙහිව පාකිස්තානු පොලිසිය විසින් ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණයේ නඩු පවරා තිබිනි.

සිද්ධිය වී මාස කිහිපයක් අතුලත පාකිස්තානු පොලිසිය විසින් සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් අනතුරුව මාස කිහිපයක් තුළ විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කළ ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය නඩු විභාගයේදී සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් ඇතුලු 43 දෙනෙකුගේ සාක්කි විමසන ලදී.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන් 900 දෙනාගෙන් විත්තිකරුවන් 89 දෙනකුට එරෙහි චෝදනා පැමිනිලි පාර්ශවය විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති බව තීරණය කළ ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය මෙම අපරාධයට ඝෘජුවම සම්බන්ධ වු පාකිස්තානු ජාතිකයින් 06 දෙනකුට මරණ දඬුවම්ද තවත් පාකිස්තානු ජාතිකයින් 07 දෙනකුට ජිවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම්ද නියම කෙරිනි.

මෙම ඝාතන සිද්ධියේ සිදුවු සිද්ධීන් වලට සම්බන්ධ බවට සාක්කි ඉදිරිපත් වු තවත් පාකිස්තානු ජාතිකයින් 76 දෙනකුට දෙවසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් අධිකරණය විසින් වැඩිදුරටත් නියම කෙරිනි.

මනෝප්‍රිය ගුණසේකර
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka