gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයෙන් එකම පුතා මියගිය පියා කෲර ලෙස අම්මා ඝාතනය කරලා!

සිය පුත්‍රයා විසින් අතින්, පයින් සහ කොසු මිටක් යොදා ගනිමින් කළ පහරදීම් වලින් දෙමටගොඩ, ආරාමය පෙදෙසේ පදිංචිව සිටි සාල්වම්මා නමැති 65 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඒ අනුව පොලීසිය විසින් 42 හැවිරිදි සැකකාර පුත්‍රයා කොළඹ ජාතික රෝහල අසලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 12 වන දින සැකකරු විසින් මුදල් ඉල්ලා සිය මවට හිරිහැර කර ඇති අතර, ඇයට අතින් පයින් ගසා, කොසු මිටකින් පහර දී, තුවාල සිදුකර පසුව නිවසින් පිටව ගොස් ඇති නමුත් නිවසේ සිටි මියගිය කාන්තාවගේ සහෝදරිය අසාධ්‍ය තත්වයේ සිටි කාන්තාව රෝහල් ගත කිරීමට පියවර ගෙන නොතිබිණි.

කෙසේවෙතත් අසල්වැසියන් සිද්ධිය ගැන දැනගෙන දින හතරකට පසුව 1990 සුව සැරිය ගිලන් රථයෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත්, දින දෙකකට පසු (18) ඇය මිය ගොස් ඇති බවත් වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳ විදේශගතව සිටින අතර, ඔහුගේ එකම පුත්‍රයා පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේදී කොච්චිකඩේ දේවස්ථානයේ සිටියදී මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් වාර්තාවලට අනුව, සැකකරු මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් ඉල්ලා මව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු කුපිත වී ඇති අතර, එය මෙම ප්‍රචණ්ඩත්වයට හේතු වී ඇති බව තහවුරු වී ඇත.

දෙමටගොඩ පොලිසිය තවදුරටත් මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන පවත්වාගෙන යන අතර, මෙවන් දරුණු අපරාධ වැළැක්වීම සඳහා ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka