gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිස්සු කෙළිය පුද්ගලයා රිමාන්ඩ්… මානසික රෝග වාර්තාවක් කැඳවන්නත් නියෝග!

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී කලහකාරී ලෙස හැසුරුණු පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා සැකකරු මේ මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියම කෙරුණු අතර ඔහු සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට අගුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හම්බන්තොට කෑලියපුර, 05 කනුවේ ප්‍රදේශයේ පදිංචි ‍හේවාවලිමුනිගේ චමින්ද ප්‍රදීප් නැමැති 50 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා කමාන්ඩෝ බලකා සෙබලෙකි.

චූදිත පුද්ගලයා වෙනුවෙන් නීතිඥ චමින්ද සූරියපටබැඳි අධිකරණයේ පෙනී සිටිමින් චූදිතට ඇප ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එහිදී විවෘත අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරයා පැවසුවේ “ඇප ලබාදීම සළකා බැලීම සඳහා සුවිශේෂී කරුණු කිසිවක් ඉදිරිපත් නොවීමත් , පොදු දේපළ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබීමත් හේතුවෙන් මුල් අවස්ථාවේදීම චූදිතට ඇප ලබාදීමට මෙම අධිකරණයට හැකියාවක් නොමැති බවය.

සිය පියාගේ උප්පැන්න සහතිකය පිටපතක් ලබා ගැනීම සඳහා පසුගිය 04 වන දින පස්වරු 02 පමණ සැකකරු හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් ලේකම් කාර්‍යාලයේ ආයතන අංශයට පැමිණ තිබිණි.

එහිදී ලබා දී ඇති පෝරමයක් පිරවීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් හා සැකකරු අතර වචන හුවමාරුවක් ඇතිව තිබේ. එලෙස ඇතිවූ වචන හුවමාරුව දුරදිග ගොස් පසුව සැකකරු විසින් එම අංශයේ තිබූ පුටුවක් රැගෙන ආයතන අංශයේ වීදුරු කඩා බිඳ දමමින් එහි කලහකාරී ලෙස හැසිරී තිබේ.

එහිදී පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට හම්බන්තොට පොලිසිය කටයුතු කළේය.
-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka