වාර ප්‍රවේශ පත්‍ර සහිත පාසල් සිසුන් බසයට ගැනීම ප්‍රතික්ෂේප කළ බවට නුවරඑළිය ප්‍රදේශයේ කොන්දොස්තරවරයෙකුගේ වැඩ තාවකාලිකව තහනම් කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක අද (මාර්තු 7) පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව සඳහන් කළේ ය.
අදාළ කොන්දොස්තරවරයා සම්බන්ධව ලංගම ඉහළ කළමණාකාරීත්වය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ත් එම පරීක්ෂණ අවසන් වන තෙක් ඔහුගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන ඇති බව ත් අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.