gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන එකට නීතිමය බාධාවන් තියෙනවා – රජය පිළිගනී!

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමේ උත්සාහයන්ට නීතිමය බාධාවක් ඇති බව රජය ඊයේ පිළිගත්තේය.

කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස සතිපතා කැබිනට් තීරණ නිවේදනය කිරීමේ ජනමාධ්‍ය හමුවේදී පැවසුවේ, ඔහු මෙරටට ගෙන්වාගැනීමට රජය සෑම උත්සාහයක්ම දරන බවයි.

ජනමාධ්‍යවේදියෙක් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, අර්ජුන් මහේන්ද්‍රන් නැවත රටට ගෙන ආවත් නැතත් මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහුට එරෙහි නීතිමය ක්‍රියාවලිය දිගටම ක්‍රියාත්මක වන බවයි.

“අපගේ උත්සාහය ඔහුව නැවත රටට ගෙන ඒමයි” ඔහු පැවැසීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka