gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩබල් කැබ්වලට හොද කලක් – ගැසට්ටුවෙන් බස්, ලොරි, වෑන් හා ඩබල් කැබ් පමණයි – TOYOTA LANKA පෙර ඇණැවුම් බාරගනී!

වාහන ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික සීමා ඉවත් කරමින් ඊයේ නිකුත් කළ ගැසට් පත්‍රය අදාළ වන්නේ වාහන කාණ්ඩ හතරකට පමණක් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ආසන 25 ට වැඩි බස්රථ, ආසන 10 සිට 16 දක්වා මගී ප්‍රවාහන වෑන්රථ, ඩබල් කැබ්රථ, සහ ලොරි රථ ආනයනය කිරීමට ගැසට් පත්‍රය මඟින් අවසර ලබා දී ඇති බව සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම වාහන ආනයනය කිරීමේ තීරුබදු ව්‍යුහයන් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බව මානගේ මහතා වැඩිදුරටත් පැවසීය.

පුද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීමේදී මෙම ගැසට් පත්‍රය අදාළ නොවන බවත් ඊට අදාල නිවේදනය නුදුරේදීම නිකුත් කරනු ඇති බවත් හෙතෙහ පැවසුවේය.

මේ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ රජය සතුව ඇති විදේශ විනිමය සංචිත සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකට ලක් කර ලක් කරමින් පුද්ගලික වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවයි.

වාහන ආනයනය ක්‍රමානුකූලව සිදු කරන බවත් ඊට අදාළ ගැසට් නිවේදන හා බදු ව්‍යුහයන් අවශ්‍ය අවස්ථාවල ප්‍රකාශයට පත් කරනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මේ අතර මෙරට පිහිටි ටොයොටා ලංකා සමාගම ඩබල් කැබ් සදහා පෙර ඇණුම් ලබා ගැනීම මේ වන විට අරඹා ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka