ශිෂ්ණය විශාල කරගැනීම පිලිබදව බොහෝ පුරුෂයන් කල්පනා කරනවා.
එයට හේතු වන්නේ තමන්ගේ ශිෂ්ණය අන් පුරුෂයන්ට වඩා කුඩා වේයැයි සිතන බිය නිසත් ඒ හේතුවෙන් ලිංගික ජීවිත තෘප්තිමත් නොවනු ඇති බවටත් ඇති මතයයි.
මේ ආකාරයට තමන්ගේ ශිෂ්ණය විශාල කර ගැනීමට සිතු පුද්ගලයෙකුට අත්වූණු ඉරණම ගැනයි මේ කතාව.
47 හැවිරිදි ජර්මන් ජාතික Micha Stunz හට මුහුණ දෙන්න සිදුව තිබුනේ ඔහු කිසිවිටකත් නොසිතු දෙයක්.
ශිෂ්ණය විශාල කරගැනීමට ඔහු භාවිතා කල සිලිකන් එන්නත් නිසා ඔහුගේ ලිංගය අඟල් 09 කට වඩා දිග් වී ඇති අතර එය අඟල් 3.5 ක පමණ වට ප්‍රමාණයකින් විශාල වෙලා.
එමෙන්ම කිලෝ 4 කටත් වඩා බරින් යුතුව විශාල වී ඇති ශිෂ්ණය සෑම අවස්ථාවකම එම ප්‍රමාණයෙන්ම තිබෙනවා.
ඔහුට සිදුවුනු මෙම සිදුවීමෙන් පසු ලිංගික තෘප්තිමත්භාවයක් ලැබීමත් ඔහුට අහිමිව තිබෙන අතර නැවත එය යථා තත්වයට පත් කිරීමටත් නොහැකි බවයි පැවසෙන්නේ.
ඒ විතරක් නෙමෙයි තමන්ට සහකාරියක් සොයා ගැනීමටත් මේ හේතුව නිසා නොහැකි බව ඔහු පවසනවා.
ශිෂ්ණයේ ප්‍රමාණය ලිංගික තෘප්තියට කිසිවිටකත් බල නොපාන අතර වැරදි මත නිසා තමන්ගේ ස්වභාවිකව ලැබී ඇති අවයව අනාරක්ෂිත ක්‍රම මගින් විශාල කර ගැනීමට යෑමෙන් මෙවැනි තත්වයන් වලට බොහෝ දෙනා මුහුණ දෙනවා.