gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාරේ ගිය තරුණියන් දෙදෙනෙකුට පහරදී iPhone Pro max කොල්ල කා පලා යයි

වව්නියාව ඔිමන්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනෙකුට පහරදී ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 7 කට ආසන්න අයි ෆෝනයක් කොල්ල කා යතුරුපැදියකින් පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට ඔිමන්න පොලීසිය පැවසීය.

වව්නියාව තාණ්ඩික්කුලම් සිට ඔිමන්ත දක්වා (27) දින අදාල තරුණියන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කොට ඇති අතර ඔිමන්ත ප්‍රදේශයේදී එකවරම තවත් යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් තරුණියන්ගේ යතුරුපැදිය නවත්වා ඔවුන්ට පහරදී එක් තරුණියක් සතුව තිබූ අයි ෆෝනය කොල්ල කා පලා ගෙස් තිබුණි.

පසුව එම තරුණියන් විසින් වව්නියාව හදීසි දුරකතන ඇමතුම් ඒ්කකය එම අවස්ථාවේම දැනුවත් කිරීමෙන් පසුව ඒ බව ඔිමන්ත පොලීසියට දැනුම් දී තිබුණි.

එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ ඔිමන්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බංඩාර ජයතිලක මහතා සහ 87338 අනුරාධ යන පොලිස් නිලධාරියා යන අය විසින් තවත් කොල්ලකරුවන් පලාගිය මාර්ගයන් ඔස්සේ ලුහුබැඳ ගොස් අවසානයේදී කනගරායන් කුලම් ප්‍රදේශයේදී කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණි.

එහිදී කොල්ලකන ලද අයි ෆෝනයද සොයාගත් අතර සැකකරුවන්ට එරෙහිව කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද නඩු පවතින බවට අනාවරන වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 29  හැවිරිදි සැකකරුවන් වන අතර ඔවුන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන ඔිමන්ත පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධූෂංක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka