ඒ අනතුර ගැන ගොඩක් දෙනෙක් කම්පා වුණා..
බද්දේගම නාගොඩ මාර්ගයේ අඟුරුවල පාලම මතින් මෝටර් රථය ඇළට පෙරළීමෙන් එම රථය පැදවූ මහජන බැංකුවේ ඇල්පිටිය ශාඛාවේ කළමනාකාර අයි.ජී.ඩී.එස්. කුමාර පසුගිය 26 වැනිදා මියගියා..
කෙසේ වෙතත් ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මිරිස්වත්ත, ඇත්කඳුර පවුලේ සුසාන භූමියේදී ඊයේ පස්වරුවේ සිදුවුණා.. මිය ගිය ඔහු ගැන ඇගේ බිරිඳ කිව්වේ මෙන්න මේ වගේ සංවේදී කතාවක්..
“මහත්තයා අපිව හොඳින් බලාගත්තා. එයා ගොඩක් හොඳ කෙනෙක්. එයාට යාළුවෝ ගොඩක් හිටියා. එයා ඒ හැම යාළුවකුගේම හැමදේකටම යන කෙනක්. එච්චර හොඳ එයාට මෙහෙම දෙයක් වෙයි කියා මම නම් හීනෙකින්වත් හිතුවේ නෑ. මියගොස් සිටින්නේ මගේ සැමියා. අපට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවයි පුතයි. මගේ මහත්තයා ඇල්පිටිය මහජන බැංකුවේ කළමනාකාරවරයා ලෙස සේවය කළා. නාගොඩ පොලීසියෙන් මට දුරකතන ඇමතුමක් දීලා කිව්වා ඔයාගේ මහත්තයාට අනතුරක් වෙලා කියලා, ඒ නිසා නාගොඩ පොලීසියට හරි නාගොඩ රෝහලට හරි එන්න කියලා. මම ඉක්මනින් නාගොඩ රෝහලට ගියා. ඒ වෙලාවේ මම දැක්කා මගේ සැමියාගේ දේහය ට්‍රොලියක් මත ලේ ගලමින් තිබුණා. සැමියාගේ වියෝව මට දරාගන්න බැහැ. අපි තුන්දෙනාම මහත්තයා හොඳින් රැකබලා ගත්තා. එයාට ගොඩාක් යාළුවෝ හිටියා. එයා ඒ යාළුවන්ගේ හැමදේකටම සහභාගි වුණා. මෙහෙම දෙයක් වේවි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ. සිද්ධිය වුණු දා හවස එයා අපේ පුතාට දුරකතන ඇමතුමක් දීලා කතා කර තිබුණා. මේ මරණය ගැන මට සැකයක් නැහැ. අනතුරකින් වූ මරණයක් බව මම හිතනවා.”