gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අඹ ගෙඩිය රුපියල් 246,000ට කෝවිල් පූජාවේ වෙන්දේසි වෙයි!

යාපනය පූතූර් මුරුගන් හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 246,000 ක මුදලකට වෙන්දෙසී වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය.

මෙම වෙන්දේසිය (27) රාත්‍රියේ පවත්වා තිබුණේ කෝවිලේ වාර්ෂික දේව මංගල්‍යය වෙනුවෙනි.

අදාල වෙන්දේසියේදී මෙම අඹ ගොඩිය මිලට ගනු ලැබුවේ විදෙස්ගතව සිට පූතූර් ප්‍රදේශයේ පදිංචියට පැමිණි බැතිමතෙකු විසිනි.

මෙලෙසින් දේව පූජාවෙන් ලබගන්නා අඹ ගෙඩිය නිවසට රැගෙන ගෙස් තැන්පත් කිරීමේදී සාමය සෞභග්‍ය ලඟවන බවට හින්දු වැසියන්ගේ මතයක් පවතින අතරම කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන්ද මෙවැනි මුදලකට මෙම අඹ ගෙඩිය වෙන්දේසියේදී මුදල් ලබා ගැනීම තවත් හේතුවක් බවටද හිමිකරු පැවසීය.

උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික කෝවිල් උත්සව මේ දිනවල පවත්වනු ලබන අතර මීට පෙරද වවුනියාවේ හින්දු කෝවල්හි එක් අඹ ගෙඩියක් රුපියල් 95,000 ක මුදලකට සහ තවත් හින්දු කෝවිලක අඹ ගෙඩි 3 ක් රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වීම සිදුවිය.

– වන්නි රොමේෂ් මධුෂංක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka