gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කැබ් රථයක පුළුස්සා මරා දැමුවාද? - දින 17කට පසුවත් මරණය අභිරහසක්!

මින්නේරිය - හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය 38 කණුව අසල කැබ් රථයක් ගිනිබත්ව සොයාගැනීමෙන් පසු එහි තිබී හමුවූ පිළිස්සුණු මිනිස් සිරුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ වනතෙක් අවසන් කිරීමට නොහැකිව තිබේ.

මින්නේරිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසන පරිදි රස පරීක්ෂක වාර්තාව සහ අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව ලැබීමෙන් අනතුරුව පමණක් මෙම මරණය සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළඹිය හැකි වනු ඇත. ඝාතනයක් හෝ ඝාතනයකින් පසු පුළුස්සා දැමීමක් සිදුව ඇති බවට කිසිදු සාක්ෂියක් මේ වනතෙක් අනාවරණය වී නොමැති බව ඔහු අවධාරණය කරයි.

පසුගිය නත්තල් දින රාත්‍රී 10.30ට පමණ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු විසින් කැබ් රථයක් ගිනිගනිමින් පවතින බව මින්නේරිය පොලීසියට දැනුම් දෙන ලදී. මින්නේරිය පොලීසිය සහ පොළොන්නරුව නගර සභාවේ ගිනි නිවන අංශය සිද්ධිය වූ ස්ථානයට පැමිණ ගින්න නිවා දැමූ පසු රථය තුළ පිළිස්සුණු මිනිස් සිරුරක් සොයාගන්නා ලදී.

පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත ආරම්භ කරන ලද විමර්ශනවලදී රථය තුළින් හමුවූ පිළිස්සුණු විසිටින් කාඩ්පතක් ඔස්සේ බියගම පිහිටි පෞද්ගලික ආයතනයක් හා සම්බන්ධතා පවතින බව සොයාගැනීමට හැකි විය. තවදුරටත් විමර්ශනය කිරීමේදී මියගොස් ඇතැයි සැක කෙරෙන්නේ එම ආයතනයේ හිමිකරුගේ පියා වන මීරිගම දෙකටන පදිංචි හපුතන්ත්‍රිගේ සුනිල් (62) නැමැත්තා බව හෙළි විය.

මරණයට හේතු විය හැකි කරුණු කිහිපයකි.පොලිස් විමර්ශනවලට අනුව මියගිය බවට සැක කෙරෙන සුනිල් මහතා කලක සිට මානසික අවපීඩනයකින් පසුවූ බවත් දිවි නසා ගන්නා බවට කිහිප වතාවක් ප්‍රකාශ කර තිබූ බවත්
මීට පෙර අධික රුධිර පීඩන ඖෂධ පානය කර දිවි නසා ගැනීමට උත්සාහ කර තිබූ බවත් පවසා ඇත.

සිද්ධියට පෙර දින රාත්‍රියේ ඔහු සිය බිරිඳට දුරකථන ඇමතුමක් ලබා දී තමා නොසොයන ලෙසත්, වැටුප ලබා ගන්නා ලෙසත් දන්වා ඇත.

රථය තුළ භූමිතෙල් ලීටර 20ක් සහ පෙට්‍රල් ලීටරයක් තිබී ඇති බව සාක්ෂි මගින් තහවුරු වී තිබූ අතර මියගිය පුද්ගලයා රියදුරු අසුනේ නොව පසුපස අසුනේ සිට ඇති බව සොයාගෙන තිබුණි. DNA පරීක්ෂණ සඳහා මියගිය පුද්ගලයාගේ දරුවන්ගේ රුධිර සාම්පල යොමු කර ඇත.

මින්නේරිය පොලීසිය දැනට ප්‍රකාශ 11ක් ලබාගෙන ඇති අතර, ඒ කිසිදු ප්‍රකාශයකින් මෙය ඝාතනයක් බවට සාක්ෂි ලැබී නොමැත. කෙසේ වෙතත්, අවසන් නිගමනයට එළඹීමට පෙර රස පරීක්ෂක වාර්තාව සහ අධිකරණ වෛද්‍ය වාර්තාව අත්‍යවශ්‍ය බව පොලීසිය පවසයි.
මීට වසර කිහිපයකට පෙර හබරණ ප්‍රදේශයේ සිදුවූ සමාන සිද්ධියක් රක්ෂණ වංචාවක් බව තහවුරු වූ බැවින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka