gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජපන් ගිය පෙම්වතා කතා නොකළැයි පෙර පාසල් ගුරු­ව­රිය දුම්රි­යට පනී!

ජපන් ගිය පෙම්වතා වසර ගණ­නා­වක් පුරා තමන් මඟ­හැර සිටීම ගැන කල­කි­රී­මෙන් සිටි තරුණ පෙර පාසල් ගුරු­ව­රි­යක දුම්රි­යට පැන දිවි නසා­ගෙන ඇතැයි මුන්ද­ලම පොලී­සිය කියයි.මෙලෙස අවා­ස­නා­වන්ත ලෙස ජීවි­ත­යෙන් සමු­ගෙන ඇත්තේ පුත්ත­ලම, ගුඩ්ෂෙඩ් මාර්ගය ආසන්න ගම්මා­න­යක පදිං­චිව සිටි 33 හැවි­රිදි මරිනා බැල්රීන් ප්‍රනාන්දු නමැති තරු­ණි­යයි.

පුත්ත­ලම සිට ගල්කිස්ස දක්වා ධාව­නය වෙමින් තිබුණු කාර්යාල දුම්රි­යට මුන්ද­ලම සර­ණ­ගම ප්‍රදේ­ශ­යේදී මෙම තරු­ණිය පැන ඇත්තේ පසු­ගිය 06 වෙනි­දාය.

එහිදී බර­ප­තළ තුවාල ලබා සිටි තරු­ණිය කඩි­න­මින් හලා­වත මහ රෝහ­ලට ඇතු­ළත් කර දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදි පෙරේදා (07) මර­ණ­යට පත්ව ඇති බව පොලී­සිය පව­සයි.

තරු­ණි­යගේ මරණ පරී­ක්ෂ­ණය හලා­වත මහ රෝහලේ දී හදිසි මරණ පරී­ක්ෂක එල්.ආර්. ජවු­සින් මහතා ඉදි­රියේ පැවති අතර මුන්ද­ලම පොලී­සියේ විවිධ පැමි­ණිලි අංශයේ ස්ථානා­ධි­පති පොලිස් සැර­යන් අම­ර­සිංහ මහතා සාක්ෂි මෙහෙ­ය­වීය. ඇය පව­ත්වා­ගෙන ගිය පෙර පාසල තිබී ඇත්තේ පුත්ත­ලම නග­රය ආස­න්න­යේය. මෙම පෙර පාසල ආරම්භ කර ඇත්තේද 2024 වස­රේ­දීය. ඇගේ පෙම්වතා කෑගල්ල පදිංචි තරු­ණ­යෙකි. එම තරු­ණයා සමඟ ඇය වසර ගණ­නා­වක්ම පෙම් සබ­ඳ­තා­වක් පවත්වා ඇත.

පෙම්වතා ජපා­නයේ රැකි­යා­ව­කට ගිය දින සිටම ඇයට දුර­ක­තන ඇම­තු­ම­ක්වත් ලබාදී නැති අතර ඒ ගැන තරු­ණිය සිට ඇත්තේ දැඩි කල­කි­රී­ම­කිනි.

මුන්ද­ලම පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අසිත ලක්රු­වන් මහ­තාගේ උප­දෙස් මත මෙම පරී­ක්ෂණ සිදුවූ අතර පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය හලා­වත මහ රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී එල්.ආර්. වර්ණ­සූ­රිය මහතා විසින් සිදු කරනු ලැබීය. එහිදී දුම්රි­යට පැනී­මෙන් ශරී­ර­යට සිදුවූ හානි හේතු­වෙන් මෙම මර­ණය සිදුව තිබූ බවට නිග­ම­නය කර තිබේ.
(පුත්ත­ලම - හිරාන් ප්‍රියං­කර ජය­සිංහ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka