gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුතින් ගෙන්නන වාහනවල මිල තීරණය වෙන්නේ රජයෙන් මෙන්න මෙහෙමයි!

වාහන ආනයනය සඳහා දැනට පනවා ඇති බදු සීමාවන් වෙනස් කළහොත් එය වෙළඳපොළේ වාහනවල විකුණුම් මිල ගණන්වලට ද බලපානු ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ, පවතින බදු අනුපාත යටතේ වාහන ආනයනය නැවත ආරම්භ වූ පසු ඇස්තමේන්තුගත මිල ගණන් ගණනය කළ හැකි බවයි.

කෙසේවෙතත්, රජය බදු අනුපාත වැඩි කළහොත්, වාහන මිල ද ස්වයංක්‍රීයව ඉහළ යන බවත්, බදු අනුපාත අඩු කිරීමෙන් මිල අඩු වන බවත් එම සංගමය පෙන්වා දෙයි.

වර්තමානයේ, දේශීය වෙළඳපොළේ ජපන් මෝටර් රථයක් සඳහා අය කරනු ලබන බදු මුදල එහි නිෂ්පාදන මිල මෙන් ආසන්න වශයෙන් 300%කි.

ආනයන සීමා කිරීම් හේතුවෙන් සැපයුම අඩුවීම නිසා ඉහළ ගිය භාවිත කළ වාහන මිලෙහි වැඩිවීම වාහන ආනයනය නැවත ආරම්භ කිරීමත් සමඟ සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි එම සංගමය විශ්වාසය පළ කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka