gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටුණු ජිවෝන්ගේ මව ඔහුගේ ඉස්කෝලෙට නඩු දාන්න යයි

කොළඹ අන්තර්ජාතික පාසලේ (CIS) 15 හැවිරිදි සිසුවකු වූ ජිවෝන් සෝරෝ සිංගේ අකල් මරණය සම්බන්ධයෙන් එම පාසලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඔහුගේ මව තීරණය කර තිබේ.

ඇල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයෙන් වැටී ජිවෝන් සහ ඔහුගේ මිතුරියක් මියයෑමේ සිදුවීම පසුගිය මාස කිහිපය පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

ජිවෝන්ගේ මව චෝදනා කර ඇත්තේ මෙම ඛේදවාචකයට හේතු වූයේ පාසලේ දැඩි නොසැළකිල්ල බවටයි.

සිද්ධිය වූ දිනයේ සිදු වූ සිදුවීම් පිළිබඳ පැහැදිලි කිරීමක් ඉල්ලා ඇය පාසලට සහ එහි උසස් නිලධාරීන්ට ලිපි කිහිපයක් ලියා තිබුණද, පාසල විසින් මීට පෙර නිකුත් කළ ලිපියකින් පාසලට එල්ල වූ සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රතිචාර දක්වා තිබිණි.

ඒ අනුව තම පුතුට යුක්තිය ඉටු වන බව සහතික කිරීම සඳහා ජිවෝන්ගේ මව මෝනා රොකී නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇත.

ඒ නිසා පාසලට යොමු කළ ලිපියකින් මෝනා රුපියල් ලක්ෂ පහක මුදලක් ඉල්ලා තිබේ.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ පාසලේ නොසැළකිලිමත් ක්‍රියා සහ වගකීම් ඉටු නොකිරීම ජිවෝන්ගේ අකල් මරණයට සෘජුවම හේතු වී ඇති බවයි.

ඇල්ටෙයාර් ගොඩනැගිලි සංකීර්ණයෙන් වැටී මිය ගිය ජිවෝන් සහ රෝස් යන දෙදෙනාම පස්වරු 2.20ට පමණ පාසලෙන් පිටව ගොස් ඇති බව පාසලේ සීසීටීවී දර්ශනවලින් පෙන්නුම් කළද, පාසලෙන් තමාට දැනුම් දුන්නේ සවස 4.32ට පමණ බව මෝනා ප්‍රකාශ කරයි.

නමුත් පාසල විසින් සවස 3.00 සිට රෝස්ගේ මාපියන් සම්බන්ධ කරගෙන සිට ඇති බවට මෝනා චෝදනා කරයි.

“ඔවුන් කලින් දැනුම් දුන්නා නම් මට මගේ පුතාව බේරගන්න තිබුණා. පවතින සාක්ෂි අනුව මගේ පුතා සවස 4.45ට පමණ තමයි වැටී මිය ගොස් ඇත්තේ යනුවෙන් ඇය පවසන්නීය.

“සවස 3.00 සිට 4.00 දක්වා පාසල සහ රෝස්ගේ මාපියන් මගේ පුතා සමඟ සම්බන්ධ වී සිටියා, ඔවුන්ට යම් අනතුරක් දැනුණු නිසා ඔවුන් ඒ වන විට පොලිසියට පවා සම්බන්ධ කර තිබුණා,”යනුවෙන් ඇය වැඩිදුරටත් චෝදනා කළාය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka