gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සාක්කි නොමැති කමින් හරක් කටා මුදා හරී!

ඊයේ (29) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතාගේ නියෝගය මත මිනී මැරීමට තැත් කළේ යැයි චෝදනා ලැබ සිටි හරක් කටා නොහොත් නදුන් චින්තක අදාළ චෝදනාවෙන් මුදා හැරීමට කටයුතු කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත්කරන ලද්දේ සැකකරුට එරෙහිව අධි චෝදනාවක් ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්කි නොමැති බවට තීරණය කරමිනි.

දැනට අධිකරණය මගහැර සිටින පැමිණිල්ලේ දෙවැනි සැකකරු ලෙස නම් කර ඇති ටිරාන් ක්‍රිෂාන්ත නොහොත් මංජු යන අයට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

හරක් කටා නොහොත් නදුන් චින්තක යන සැකකරුට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණේ 2016 මාර්තු මස 05 වැනි දින වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් තැත් කිරීමට එරෙහිවයි.

පැමිණිල්ලේ සැකකරුවන් ලෙස නදුන් චින්තක. ටිරාන් ක්‍රිෂාන්ත නොහොත් මංජු සහ ජෝසප් කුමාර යන අය නම්කර ඇති අතර ජෝසප් කුමාරය යන සැකකරු පැමිණිල්ල විභාගය අතරතුර පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගොස් ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka