ආණ්ඩුවෙන් වී සඳහා සහතික මිලක් තවමත් නියම නොකිරීම නිසා හිතු හිතු ගණන්වලට මෝල් හිමියන් වී මිලදී ගන්නා බවත් එහි පාඩුව සිදුවන්නේ ගොවියාට බවත් ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා මහතා පැවසීය.
එමෙන්ම වී මිලදී ගැනීමට ආණ්ඩුවෙන් වෙන් කරනවා කියූ කෝටි 500ක මුදල රටේ දවස් හතරක සහල් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ගොවි අරගල ව්‍යාපාරය පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය.
එහිදී අදහස් දැක් වූ විමල් වත්තුහේවා මහතා මෙසේද පැවසීය.
‘අද වෙද්දි ගොවියන්ට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මතු වෙලා තියනවා. එක පැත්තකින් සහල් අර්බුදය එක්ක මතුවුණු ගැටලුව. තව පැත්තකින් වර්ෂාව නිසා ඇති වෙච්ච වගා හානි.
මේ වෙද්දී අම්පාර, මඩකළපුව, මොනරාගල, ත්‍රිකුණාමලය, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ගොයම් කැපෙන්න පටන් අරගෙන තියෙන්නේ. නමුත් තවමත් වී අස්වැන්න සඳහා රජයෙන් සහතික මිලක් නියම කරල නෑ. මෝල් හිමියෝ තමන්ගේ හිතු මනාපෙට වී මිල තීරණය කරනවා. මේක නිසා පාඩු වෙන්නෙ ගොවියට.
ජනාධිපතිවරයා රූපවාහිනී වැඩසටහනකට ඇවිත් කිව්වා වී මිලදී ගන්න ආණ්ඩුවෙන් කෝටි 500ක් වෙන් කරනවා කියලා. හැබැයි ඒ කෝටි 500 රටේ දවස් හතරක සහල් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නවත් ප්‍රමාණවත් නෑ.’
– අනුරාධ හිරිපිටියගේ