gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චීනයේ තවත් කොරෝනා වයිරසයක්

‘කොවිඩ් 19’ වයිරසයට සමාන, ස්වසන අපහසුතා ඇති කරන Human metapneumovirus (HMPV) වයිරස උණ රෝගයක් ඉතා ශීඝ්‍රයෙන් චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, රෝගීන්ගෙන් රෝහල් පිරී යෑමට පටන් ගෙන ඇති බවත් ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් අඩවිය උපුටා දක්වමින් ඩේලි මිරර් පවසයි.

මෙම වයිරසය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ද පුවත් පැතිර යෑමට පටන් ගෙන ඇත. රෝහල් උණ රෝගීන්ගෙන් පිරී ඇති අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.

චීනයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ සූදානමක් ද පවතින බව පැවැසෙයි. තහවුරු නොවුණත් ලැබෙන වාර්තා අනුව, මෙම වයිරසය ඉන්ෆ්ලුවෙන්සා, කොවිඩ් 19 ඇතුළු වයිරස කීපයක් මිශ්‍රවී නිර්මාණය වූ නව වයිරසයක් යැයි බියක් පවතී.

කෙසේ නමුත් වයිරස ව්‍යාප්තියක් ගැන චීන සෞඛ්‍ය අංශ මෙතෙක් කිසිවක් පවසා නැත.

චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව මෙරට වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඩේලිමිරර්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka