gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘ක්ලීන් ශ‍්‍රී ලංකා’ බස් රථවල තොරොම්බල් කෑලි ගලවයි

මගින්ට සහ මහජනතාවට අනතුරක් සිදුවිය හැකි අන්තරාදායක අමතර කොටස් සවි කර ධාවනය කල බස් රථ 12 ක රියදුරන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමටත්, එම අනත්රාදායක කොටස් ගලවා ඉවත් කිරිමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පියවර ගැණින.

ක්ලිනින් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමිව හැටන් සිට ගමන් ආරම්භ කරන සහ හැටන් දක්වා පැමිණෙන කෙටිදුර සහ දුර සේවා බස් රථ (02) දින හදිසි පරික්ෂාවට ලක් කෙරිණ.

මෙම පරික්ෂාවේදි බස් රථ 12 ක සවි කර තිබු අමතර කොටස් ගලවා ඉවත් කර යලිත් හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් වෙත දින හතක කාලය තුල පෙන්වන තෙක් එම බස් රථයේ ආදායම් බලපත්‍රය රථ වාහන අංශයේ පොලිස් නිලධාරින් භාරයට ගැණින.

මගි ප්‍රවාහන බස් රථ අනතුරට පත් වන අවස්තාවලදි බස් රථයේ ගමන් ගන්නා මගින්ට බරපතල තුවාල සිදුවිම් වලට හේතුව අන්තරාදායක අමතර කොටස් සවි කර තිබිම නිසා බවට මොටර් රථ පරික්ෂකවරුන් විසින් තහවුරු කර තිබුණි.

මෙම පරික්ෂාවේදි බස් රථවල සවි කර තිබු අධික ශබ්දයෙන් යුතු අමතර නලා, අමතර විදුලි පහන් ගලවා ඉවත් කිරිමට පියවර ගත් අතර, බිමත් රියදුරෙකුද අත්අඩංගුවට ගැනිමට පොලිස් නිලධාරින් කටයුතු කෙරිණ.

නල්ලතන්නිය පොලිස් වසමේ සිදු කල මෙහෙයුමකදි මස්කෙලිය සිට නල්ලතන්නිය ප්‍රදේශයේ පිහිටි වතුයායන් වලට මගි ප්‍රවාහන අවසර බලපත්‍රයක් නොමැතිව මගින් ප්‍රවාහනය කල බස් රථ තුනකට එරෙහිව නෛතික පියවර ගැනිමට නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් පියවර ගෙන තිබුණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka