gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාහන ආනයනයේදී අති විශාල බද්දක්.?

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය ඊයේ (18) මහ බැංකු මූලස්ථානයේදී පුවත්පත් කතුවරුන් හමු වූ අතර රටේ මූල්‍ය හා ආර්ථික සාක්ෂරතාව සම්බන්ධයෙන් පුවත්පත් කතුවරුන් සමග මහ බැංකු අධිපතිවරයා මෙහිදී සාකච්ඡා පැවැත්වීය.

එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසූවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලටත් වැඩියෙන් විදේශ සංචිත ගොඩ නැගීමට මහ බැංකුව මේ වනවිට සමත් වී ඇති බවයි.

පුවත්පත් කතුවරු විසින් වාහන ආනයන සීමා ක්‍රමයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටි අතර වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කර ඇති බවත් ඒ අනුව මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක් දක්වා විදේශ සංචිත වර්ධනය කරගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම රටක් ලෙස ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේදී වාහන ආනයනය කිරීම අවශ්‍ය කාරණයක් බවත්, වාහන ආනයනය කිරීම වැඩියෙන් සිදුවෙනවා නම් බදු පැනවීම වැනි ක්‍රියාමාර්ග මගින් රජයට එය පාලනය කිරීමේ හැකියාව බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka