gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහ­නු­වර උසස් පෙළ සිසු­වි­යගේ මර­ණය සිදුවුනේ මොළ­යට බර­ප­තළ හානි­වී­මෙන්!

ජීවි­තය තණ අග රැඳී පිනි බිඳු­වක් බඳුය. ඒ කිය­මන සත්‍ය­යක් බව පසක් කර­මින් දිශාලා දේශානි දිය­ණිය මෙලොව හැර ගියේ කිසි­වකු නොසිතූ මොහො­ත­කය. උසස් පෙළ පෞද්ග­ලික පන්ති­ය­කට සහ­භාගි වීමට ඇය ගෙලි­ඔය පෙති­යා­ගොඩ නි‍ෙවසේ සිට මහ­නු­වර දක්වා පැමි­ණෙ­මින් තිබුණේ පියා සම­ඟය. පියා සමඟ කව­දත් යතු­රු­පැ­දි­යෙන් ගමන් ගන්නා දිශා­ලාට කිසිම දිනක යතු­රු­පැ­දි­යෙන් යෑම සිතට බයක් නොගෙ­නාවේ පියා ඉතා සීරු­වට ආර­ක්ෂා­කා­රීව තමන් රැගෙන යන බව දන්නා නිසාය.

එදා 16 වැනි දින පෙර­ව­රුවේ සිට මහ­නු­ව­රට වැසි ඇද­හැ­ලෙ­මින් තිබිණි. වැස්ස පායන තෙක් මඳ වේලා­වක් බලා සිටි පියා හා දිය­ණිය පොද වැස්ස නොත­ක­මින් ගමන ආරම්භ කළේ පෞද්ග­ලික පන්ති­යට ප්‍රමාද වී යෑමෙන් ඇති­වන ගැටලු මඟ හරවා ගන්න­ටය. යතු­රු­පැ­දියේ වේගය සමඟ මරුවා ද ඒ වේග­යෙන්ම පසු­ප­සින් එමින් සිටින බව පියා හා දිය­ණිය දැන නොසි­ටි­යහ. සියල්ල සිදුවී අව­සන් වීමට ගත­වූයේ නිමේ­ෂ­යකි. දිශාලා දේශානි තම 18 වැනි උපන් දින­යට තවත් දින 10ක් තිබිය දී සඳ­හ­ටම දෙනෙත් පියා ගත්තේ පවුලේ අයගේ පම­ණක් නොව අන­තුරු හා බැඳුණ ඡායා­රූප දුටු සැමගේ සිත් කම්පා කර­ව­මිනි.

ඉගෙ­නු­මට දක්ෂතා දැක් වූ දිශාලා ගැටඹේ මහා­නාම විදු­හ­ලට පැමිණ තිබුණේ උසස් පෙළ කලා අංශ­යෙන් අධ්‍යා­ප­නය ලබ­න්න­ටය. අලුත් පාසලේ ගුරු­ව­රුන්ගේ පම­ණක් නොව සිසු සිසු­වි­යන්ගේ ද ආද­රය දිනා­ගත් ඇයට ඉතා කෙටි කාල­යක දී ශිෂ්‍ය නායි­කා­වක ලෙස කිරුළු පල­ඳි­න්නට හැකි වූයේ උසස් පෙළ පන්ති සඳහා අලු­තින් ඇතුළු වන සිසු­ව­කුට එම වරම ලබ­න්නට තිබෙන සීමිත ඉඩ හමු­වේය. හොඳ මල් ඉක්ම­නින් පර­වෙන්නේ යැයි කිය­ම­නක් තිබේ. දාහත් හැවි­රිදි දිශාලා වෙතින් ද මෙත­රම් හොඳ ගති­ගුණ ඉස්මතු වූයේ කල්තියා මෙලොව හැර යන්නට දෝයැයි ඇයට අකුරු කළ ගුරු­වරු පැව­සුවේ හැඬු කඳු­ළිනි.

යතුරු පැදිය පියාගේ පාල­න­යෙන් මිදී ඇද වැටෙද්දී දිශාලා එක්ව­රම විසිවී ගොස් මහ­පා­රට ඇද වැටුණි. නාව­ල­පි­ටිය සිට මහ­නු­වර දක්වා ධාව­නය වෙමින් තිබූ පෞද්ග­ලික බස් රථය ඒ මොහො­තේම ඔවුන් පසු­කර ගියේය. බිම වැටුණු දිශාලා බස් රථය මැදට තල්ලු වී යද්දී පසු­පස රෝදයේ වෙලී සිටි මාරයා ඇගේ හිස කුඩු­ප­ට්ටම් කර දැම්මේය. සීතල පලවා හරි­න්නට පියාගේ උණු­සුමේ දැවටී සිටි දිශා­ලාට සිදුවූ දේ සිතා ගැනී­මට නොහැකි වූ පියා මෙය සිහි­න­යක් දැයි කල්පනා කළේය. එහෙත් එය සිහි­න­යක් නොව සැබෑ­වකි. මව, පියා හා එකම සහෝ­ද­රිය තනි­කර දමා දිශාලා යන්න ගියාය.

මළ­සි­රුර පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය මහ­නු­වර ජාතික රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය, පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය ප්‍රභාත් සේන­සිංහ මහතා විසින් සිදු කරනු ලැබීය. ඉදි­රි­පත් වූ වෛද්‍ය වාර්තා සහ සාක්කි මත මහ­නු­වර ජාතික රෝහලේ හදිසි මරණ පරී­ක්ෂක නෝමන් කොස්තා මහතා මෙය රිය අන­තු­රක් හේතු­වෙන් හිසට සහ මොළ­යට සිදුවූ බර­ප­තළ හානි හේතු­වෙන් සිදුවූ හදිසි මර­ණ­යක් බවට තීර­ණය කළේය.

මහ­නු­වර පොලී­සියේ රථ­වා­හන අංශය මඟින් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සඳහා අධි­ක­ර­ණය නියෝ­ගය ලබා ගැනීමේ දී සිසු­වි­යගේ හැඳු­නු­ම්පතේ ඇති නම සහ නියෝ­ගය ලබා ගැනීම සඳහා අධි­ක­ර­ණ­යට ලබා දී තිබූ නම අතර වෙන­ස්කම් දක්නට ලැබීම නිසා අන­තුර සිදුවූ දින මහ­නු­වර ජාතික රෝහලේ දී පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කිරී­මට නොහැකි වූ බවත් පසුව පොලී­සිය යළිත් වරක් නිවැ­රදි නම අධි­ක­ර­ණ­යට ලබා දී ලබා­ගත් නියෝ­ගය මත ඊයේ (17) දහ­වල් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු­කළ බවත් මහ­නු­වර ජාතික රෝහලේ හදිසි මරණ පරී­ක්ෂක ආර්.සී. වර­කා­වුල්ල මහතා කීය. අන­තුර සම්බ­න්ධ­යෙන් පෞද්ග­ලික බස් රථයේ රිය­දුරු පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය. මහ­නු­වර පොලී­සියේ රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කෝට්ටගේ මහ­තාගේ මෙහෙ­ය­වීම මත අන­තුර සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පැවැ­ත්විණි.
(අසේල කුරු­ළු­වංශ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka