Flashback කිව්වොත් රොෂාන්.. රොෂාන් කිව්වොත් Flashback.. ඒ තරමට මේ කතා කරන ශිල්පියා අපේ රටේ කණ්ඩායම් සංගීතයේ ජනප්‍රියයි..
ඒ විතරක් නෙවෙයි, රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ හැමෝම ආදරේ කරන දක්ශ ගායන ශිල්පියෙක්... ඔහුගේ ගීතවලට අදත්, හෙටත් හැමදාමත් ආදරය කරන රසික පිරිසක් ඉන්නවා... ඒ ජනප්‍රියකම... ඒ ආකර්ශනය..
එදා වගේම අදත් නොවෙනස්ව පවතින්න ඔහුගේ දක්ෂතාව වගේම කඩවසම් පෙනුමත් බලපානවා කිව්වොත් ඒක බොරුවක් නෙමෙයි...
ඒ කඩවසම් සුන්දර ගායකයාගේ අමුතු ඡායාරූප පෙළක් මේ ළඟදී දවසක දැකගන්න ලැබෙනවා.. මේ ඇත්තටම ඔහුගේ අලුත් වැඩක් ගැන කන වැටුන ආරංචියක්ද..? කොහොම වුණත් රොෂාන්ගේ අලුත් වැඩ ගැන නම් මේ තරම් කුතුහලයක් මීට කලින් දැකලා නෑ.. එහෙම නම් මේ මොකද්ද..? මොනවාද මේ ඡායාරූප..?
සරාගී යෞවනියන් එක්ක රොෂාන්ගේ ඡායාරූප පෙළක් මේ දවස්වල සමාජ මාධ්‍ය කළඹනවා.... තාමත් ඒ ගැන කියන්න බැරි වුණත්, ඒ සරාඟී යුවතියන් එක්ක ඔහු කළේ මොකද්ද කියලා දැනගන්න ගොඩක් දෙනෙක් මග බලාගෙන ඉඳිවි..