gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

දඩය 45%යි... වසර තුනකට බලපත්‍රය අහෝසියි... ආනයනකරුවන්ගේ තටු කපයි!

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් මෙරටට ආනයනය කරන වාහන දින 90ක් තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබේ.

යම් හේතුවක් මත, අදාළ වාහනය දින 90ක් තුළ ලියාපදිංචි කිරීමට නොහැකි වුවහොත් එය ලියාපදිංචි කරන අවස්ථාවේදී අදාළ ආනයනකරුට මෝටර් වාහනයේ පිරිවැය, රක්ෂණ සහ නැව් ගාස්තුවෙන් 45%ක් මෙන්ම ප්‍රමාද ගාස්තුවක්ද අය කිරීමට නියමිතයි.

ආනයනකරුවෙකු මාස 06ක් තුළ තමන් ආනයනය කළ මුළු මෝටර් රථ ප්‍රමාණයෙන් 25%ක් දින 90ක් තුළ ලියාපදිංචි නොකළහොත් ආනයනකරුට නැවත වාහන ආනයනය කිරීම වසර 3කට අත්හිටුවන බවත් විකිණීමේ අරමුණින් ආනයනය කරන වාහන ආනයනකරුගේ නමට, ව්‍යාපාරයේ නමට හෝ අධ්‍යක්‍ෂවරුන්ගේ නමට ලියාපදිංචි කිරීම තහනම් බවත් අමාත්‍යංශය පවසයි.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ, වාහන විශාල ප්‍රමාණයෙන් ආනයනය කර වාහන තොග රැස් කිරීම අධෛර්යමත් කිරීමත්, මෙරට විදේශ විනිමය සංචිත ආරක්‍ෂා කිරීමත් මෙම රෙගුලාසි වල අරමුන බවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka