gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජයේ රෝහල්වල ඖෂධ අසාත්මිකතා 56ක්... වහාම 39ක් ඉවත් කරයි

දිවයින පුරා රජයේ රෝහල් වල ප්‍රතිකාර ලැබූ රෝගීන්ට ඖෂධ අසාත්මිකවීම් පිළිබඳ සිද්ධි 56ක් මෙම 2024 වසර තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැමිණිලි වශයෙන් ලැබී ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛද්‍ය සවින් සේමගේ සදහන් කරයි.

එම පැමිණිලි අතර එකම ඖෂධය පිළිබඳ පැමිණිලි කිහිප අවස්ථාවක ලැබී ඇති බවත් ඒ අනුව ඖෂධ 39ක් භාවිතයෙන් ඉවත් කළ බවත් එසේ ඉවත් කළ ඖෂධ අතරින් 16ක්ම 2022 හා 2023 වසරවල ගෙන්වන ලද ඒවා බවද විශේෂඥ වෛද්‍ය සවින් සේමගේ සදහන් කරයි.

තම පාලන කාලය තුළ ලියාපදිංචිය අතහැරීමේ සහතිකවලින් ගෙන්වන ලද කිසිදු ඖෂධයකට එවැනි පැමිණිලි නැති බවත් ඒවා භාවිතයෙන් ඉවත් කර නැති බවත් ඖෂධ ගෙන්වීම පිළිබඳ බොහෝ ක්‍රියාවලීන් මේ වනවිට නිසි පරිදි ක්‍රියාත්මක බවද විශේෂඥ වෛද්‍ය සවින් සේමගේ සදහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් විශේෂඥ වෛද්‍ය සවින් සේමගේ මේ බව සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka