gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශරීරයම නිල්පාට දරු උපත් ලංකාවේ!

මෙම රෝගය ‘Congenital Methemoglobinemia’ නමින් හඳුන්වන අතර මෙම රෝගය ජාන හේතු මත වැලඳෙන අතර එම රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවකු අනුරාධපුර, මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

එහි රෝග ලක්ෂණ ලෙස මුළු ශරීරයම නිල් පැහැ ගැන්වීම, හුස්ම ගැනීමට නොහැකි වීම, මස්තිෂ්ක වර්ධනය සම්පූර්ණයෙන්ම අඩපණ වීම යනාදිය දැකිය හැකි බව අනුරාධපුර රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්.ආර්.එස්.යූ.සී.රණවක සදහන් කරයි.

මෙම රෝගය වැලඳුණු බිලිඳා මේ වනවිට අනුරාධපුර රෝහලේ නව ජන්ම ඒකකයේ නොමේරු ළදරු ඒකකයට ඇතුළත් කර සිටින අතර රෝගය පිළිබඳව පරීක්ෂා කිරීමේ පහසුකම් මෙරට තුළ නොමැති වීම හේතුවෙන් දරුවාගේ රුධිර සාම්පල වල කොටස් ජර්මනිය වෙත යවා රෝගය තහවුරු කරගෙන ඇත.

රෝගය හඳුනා ගැනීමේ රුධිර පරීක්ෂණ කටයුතු මෙරට තුළ නොමැති වුවද දරුවාගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය ඖෂධ සෞඛ්‍ය අමාත්‍යංශය සතුව තිබීම මත දරුවාගේ ජීවිතය බේරා ගැනීමට අනුරාධපුර රෝහලේ නව ජන්ම ඒකකයේ වෛද්‍යවරුන්ට හැකිවී ඇත.

මෙම රෝගය සාමාන්‍යයෙන් වැලඳෙන්නේ ඥාතීන් අතර විවාහයකින් බවත් එය ජාන විකෘතිතා මත ඇති වන අතර මෙම දරුවාගේ මවුපියන් දෙදෙනා කිසිදු ලෙසකින් ඥාතීන් නොවන බව හෙළි වී ඇතැයිද අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු සදහන් කරයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සිදුවන බවත් මෙම රෝගය ලංකාවෙන් පළමුවරට හඳුනාගෙන ඇති බවත් ලෝකයේම දරුවන්ගෙන් ලක්ෂයෙන් එක් අයකුට මෙම රෝගය වැලඳෙන බවද වෛද්‍යවරු සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka