gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සඳමාලි මෙලොවින් නික්ම ගියත් ජීවිත රැසක් අදටත් ඇය නිසා හුස්ම ගන්නවා.. ගෙවීගිය නත්තලේ ඇසුණු තවත් එක් සංවේදී කතාවක් මෙන්න..

නත්තලේ ඇති අරුත් බොහොමයක් තුළ බෙදා හදා ගැනීමට හිමි වන්නේ ප්‍රධාන තැනක්. මේ ඒ වගේ ඇසෙන තවත් එක් කතාවක්.

ඇත්තටම මේ කතාව ඇසූ විට දැනෙන හැඟීම නම් මොකද්ද කියන්න තේරෙන්නේ නැති තරම්.

ඒ උතුම් පරිත්‍යාගශීලිත්වයට ලබා දිය හැකි උසස්ම වටිනාකම ලබා දුන් ජීවිතයක් පිළිබඳව අපට මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

තවත් ජීවිත කිහිපයකට ජීවිතය දී සිය දිවි ගමන නිමා කළ දියණියක ලෝකයටම මිනිසත්කම කියා පෑ අයුරු පිළිබඳවයි මේ සටහන.

මාතලේ ඇතිමලේ ප්‍රදේශයේ ජීවත් වූ උදේශිකා සදමාලි වයස අවුරුදු 24ක තරුණියක්.

පවුලේ ආර්ථික අපහසුතා මැද වුවත් සිය අධ්‍යාපන කඩඉම් ඉහළින් ජයගත් උදේශිකා, සංගීතයට හා ක්‍රීඩාවටද දස්කම් දැක් වූ දියණියක්.

අනුනගේ සතුට වෙනුවෙන් නිරතුරුවම කැපවූ ඇය විවිධ සමාජ සේවාවන්වල නියැලෙමින් සිය ගම් ප්‍රදේශයට කළ මෙහෙවර අප්‍රමාණයි.

තම හිස කෙස් පවා මීට පෙර පිලිකා රෝගීන් හට දන් දී තිබෙන සඳමාලි සිය පරිත්‍යාගශීලීභාවය පසක් කළේ වරක් දෙවරක් නොවේ.

කෙතරම් යහපත් දිවි පෙවෙතක් ගතකළත් එක් නිමේශයකදි ඇයගේ අනාගත සිහින සියල්ල අතුගා දමන්නට දෛවය සැහැසි වී තිබුණා.

මීට දින දෙකකට පෙර තම පෙම්වතා සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයක ගැටී අනතුරට ලක් වන සඳමාලි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර තිබෙනවා.

බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ සඳමාලිගේ මොලය අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් ඇයව ජීවත් කරවීමට නොහැකි බවට රෝහල් වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා.

මේ බව දැනගත් උදේශිකාගේ ඥාතීන් ඇයගෙන් තවත් ජීවිත කිහිපයකට පණ දීමට තීරණය කර ඇත්තේ ඇයගේ පරිත්‍යාගශීලීත්වය වෙනුවෙන් කළ හැකි උතුම්ම පින්කම එය වූ නිසාවෙන්.

ඒ අනුව උදේශිකාගේ ඥාතීන් විසින් ඇයගේ හදවත, අක්මාව ඇතුළු අවයව කොටස් දන්දීමට පියවර ගෙන තිබෙනවා.

මේ වන විට උදේශිකාගේ වකුගඩු දෙක ඉවත් කර ඇති අතර බදුල්ල ශික්ෂණ රෝහලේ වකුගඩුවක් අවශ්‍යව සිටි රෝගියෙකුට එම වකුගඩුවක් දැනටමත් බද්ධ කර තිබෙනවා.

අනෙකුත් වකුගඩුව මහනුවර මහ රෝහලේ රෝගියෙකුට බද්ධ කිරීම සඳහා ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම ශල්‍යකර්මවලින් අනතුරුව උදේශිකාගේ අනෙකුත් අවයව මගින්ද තවත් ජීවිත කිහිපයකට පණදීමට වෛද්‍යවරුන් සූදානම්.

මේ අසිරිමත් මනුෂ්‍යත්වයේ වටිනාකම ලොවට කියා පාන්නේ අසිරිමත් නත්තලේ උදාවත් සමග වීමත් දෛවෝපගත සිදුවීමක්.

සිය සමීපතමයින් හඬවා සඳමාලි මෙලොවින් නික්ම ගියත් ජීවිත රැසක් ඇයගේ මතක සමගින් ජීවත් වනු ඇත්තේ පරිත්‍යාගශීලීත්වයේ නත්තල් අරුත වඩාත් අරුත් ගන්වමින්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka