gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සංවර්ධන කමිටු රැස්වීමට ඇවිත් අර්චුනා තවත් පිස්සුවක් කෙළියි

යාපනයේ අර්චුනා මන්ත්‍රීවරයා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී නිලධාරීන්ට බැණ වැදීම හා තර්ජනය කිරීම නිසා රැස්වීමේ සිටි සියලුදෙනා ඔහු ඉවත් කරන ලෙසට 14 දා බල කොට තිබේ.

යාපනයේ සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු සාකච්ඡා වූ අවස්ථාවේ නිලධාරීන් විසින් දක්වන අදහස්වලට විරුද්ධ අදහස් දක්වමින් අර්චුනා මන්ත්‍රීවරයා කෑකෝ ගසන්නට පටන් ගැනීම නිසා යාපනයේ මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් ඔහුව රැස්වීම් ශාලාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ. ඔහු ඉවත් කිරීමට පියවර නොගන්නේ නම් තමන් රැස්වීමෙන් පිටව යන බව නිලධාරීන් තරයේම ප්‍රකාශ කිරීම නිසා යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ කටයුතු විනාඩි ගණනාවකට නැවතී තිබේ.

මේ අවස්ථාවේ ධීවර අමාත්‍ය හා යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් අමාත්‍යවරයා ඇතිවූ තත්ත්වය සමථයකට පත් කරගෙන රැස්වීම ඉදිරියට ගෙන ගොස් තිබේ. එහෙත් රැස්වීම අවසන් වීමට විනාඩි කීපයකට පෙර අර්චුනා මන්ත්‍රීවරයාට ආමන්ත්‍රණය කිරීමේදී එක් රාජ්‍ය නිලධාරියකු සර් නොකීම නිසා කිපී ඇති ඔහු එම නිලධාරියා සමග ද බහින්බස් වී තිබේ.

මේ වන විට අර්චුනා මන්ත්‍රීවරයා පිළිබඳව යාපනයේ මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් අතර ඇතිව තිබෙන්නේ ඉතාම අප්‍රසන්න හැඟීමක් හා අමුතු චිත්‍රයකි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka