gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති අනුර ඉන්දියාවට ළඟාවී රාජතාන්ත්‍රික සාකච්ඡා අරඹයි!

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පිටත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (15) පස්වරු 5.30ට පමණ නව දිල්ලි ගුවන්තොටපොළ වෙත ළඟාවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ,නව දිල්ලි ගුවන්තොටුපොළේ දී ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගත් බවයි.

ඉන්දීය තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස්.මුරුගන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් පිරිසක්  ජනපතිවරයා පිළිගැනීම සඳහා නව දිල්ලි ගුවන්තොටුපොළට පැමිණි බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.පසුව, අනුර කුමාර දිසානායක මහතා,  ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය, සහ ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හමුව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළෙඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ මෙහෙදී අවධානය යොමුවූ බවයි.

ඉන්දීය ජනපතිනියගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වේ.

මෙය ජනපතිවරයාගේ මංගල විදෙස් සංචාරයයි.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීම පිළිබඳ ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ මෝදි අගමැතිවරයාගේරුව සහිත පුවරු ද ප්‍රදර්ශනය කර තිබූ බවයි.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම සංචාරය සඳහා එක්ව සිටිති.

ඉන්දු – ලංකා මිත්‍රත්වය වැඩිදියුණු කරගැනීම, මෙම සංචාරයේ අරමුණ වන අතර ඊයේ (15) ආරම්භ වූ ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරය ලබන 17 වැනි අඟහරුවාදා අවසන් වේ.









gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka